(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයේ විභාග වූ නඩුවක එක් පාර්ශවයකට වාසිදායක ආකාරයෙන් තීන්දුවක් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයන් මහාධිකරණයෙන් වරදකරු කොට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඩුවම් නියම වු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ මහතා ඇපමත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද ( 07) නිෂ්ප්‍රභ කළේය.
සිර දඩුවම් විදිමින් සිටින විත්තිකාර හිටපු දිසා විනිසුරුවරයා වයස් ගත බැවින් දැනට වසංගතයක් ව පවතින කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමේ අවධානමක් ඇති බැවින් ඔහු ඇපමත මුදා හරින ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබූ අතර ඒහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ තිබිණි.
ෙමෙම ප්‍රතිශෝධන පෙත්සම මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
පෙත්සමින් ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලූ අධිකරණය ඔහුට ඇප ලබා දීමට තරම් සුවිශේෂ හේතු නොමැති බව ට තීරණය කර විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ඉවත දැමීය.
COMMENTS
මේ මනුස්සය වගෙ කීදෙනෙක් ඔය නීතිය පසලිදන තැන ඉන්නවද.
මිනි මරන අයටත් ජනපති සමාව ලැබෙනවා අල්ලස්වලට අදාලම නැ
රංජන් රාමනායකව මතක් වෙනවා.