(තරිඳු ජයවර්ධන)
වඩා හොඳ ජීවන තත්ත්වයක් ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් ජනතාවට ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව සහ අධිකරණය රටේ නීතිය අනුව කටයුතු කිරීම ගැන ආඩම්බර විය හැකි බව ද වික්‍රමසිං මහතා කීවේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයට පැමිණ සිටි ජනතාව අමතමිනි.
ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමේ සටනට සම්බන්ධ වූ සියලුම දෙනාට ස්තුතිය පුද කරන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
COMMENTS
අපි පසුගිය අවුරුදු තුනේ ඉතාමත් සැපට හිටියා. තව වෙන කොහේද?
මෙයාගේ මාමණ්ඩිත් 1977දී පොඩි මිනිහට එහෙම පොරොන්දුවෙලා අන්තිමට ලංකාව හුරන්කන සුපිරි ධනපති පන්තියක් හදලා තොරෝන්චිවෙලා ගියා. වසර තුනහමාරක් තිස්සේ විධායක අගමැති කෙනෙක් හැටියට "කරන්න" බැරි වුණු දේවල් වෙන්න ඇති මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ...?
අන්න ඇත්ත පිළිගත්තා. අගමැතිව හිටපු අවු. 3~4 අපිව නන්නන්තාර කළා. දැන් එනවා ජීවන තත්වය ගැන කතා කරන්න. බොහෝම ස්තූතියි මහත්තයෝ... ඕනේ නැහැ. ඔබතුමාට තව ටික කාලයයිනේ තියෙන්නේ...
අම්මපා... මේ මනුස්සයට අමතක වෙන හැටි බලන්නකෝ... මෙයාමනේ අපිට බ්‍රේස්ලට් දුන්නේ... එතකොට මෑතකදී ගෙවල් වටේට වයිෆයි නොමිලේ දුන්නා. වාසනාවට අපේ ගෙවල් වැටවල් වලින් වට වෙලා නැති නිසා වයිෆයි හැමතැනම දකින්න තියෙනවා. එතකොට දැන් අපිට ප්‍රවාහන ප්‍රශ්නත් නැහැ කුලියාපිටියේ නිෂ්පාදිත ෆොක්ස්වැගන් හැම තැනම විකුණන්න තියෙනවා. ඉතින් තවත් මොන හොඳ ජීවන තත්වයක් ගැනද මේ හාදයා කතා කරන්නේ? එක්කෝ මෙයාට පිස්සු නැත්නම් ගවයන් 225ටම පිස්සු....
2001 සිට 2005 දක්වා බැරිවූ 2015 සිට 2019 වත් බැරිවූ දැන් ලබාදෙන්න හදන හොඳ ජීවන තත්වය මොකක්ද? හොඳ ජීවන තත්වය කියන්නේ ලාබෙට කන්නදෙන එක පමණක් නොවෙයි. එ්ක හිතේතියා ගන්න රනිල්... රටේ මහා ජාතිය වන සිංහලයා සුළු ජාතින් සමග සමාන කරන්න එපා. මේ රටේ සිංහලයා බෞද්ධයා බලවත්ව ඉන්නකම් අනික් ජාතීන්ට යහතින් ඉන්න පුළුවන්.. ඒ බව අතිගරු කාදිනල්තුමාගේ කටිනුත් කියැවුණා. එමනිසා මේ සිංහල බෞද්ධ රටේ සිංහල අපිට හිමිව තිබූ තැන ඔබලාගේ පැවැත්ම උදෙසා පාවාදෙන්න එපා. අපිට රනිල්ලා, රාජිතලා ඕනේ පොල්පිත්තකින් කපාගන්න පුළුවනි...
නැතුව නැතුව. කට්ටිය හොඳටම බය වෙලා ඉන්න ඇත්තේ... අනේ දෙයියනේ දැන් ඉතින් කොහොමද ජනතාවගේ ජීවන තත්වෙ උස්සලා දෙන්නේ කියලා, දැන් ඉතින් බය නැතුව තව ඉතුරු වෙලා තියෙන ටික කාලෙට අපේ ජීවන තත්වේ නහුතෙටම නග්ගලා වැලේ වැල් නැති තත්වෙටම ගේන්න. ඒ අතර මහ බැංකුවට අමතරව තව බැංකු තියෙන බවත් අමතක කරන්නේ නෑ නේද?
දැන්වත් දේශපාලන පලිගැනීම් නතරකරලා හිටං, හැම එකටම තාජුඩීන්, එක්නැලිගොඩලගේ මල මිනී ඇදගන්නේ නැතුව, වටේ ඉන්න මෝඩ ගෝල බාලයින්ගේ කටවල් වහලා රටේ දියුණුවට වැඩක් කරන්න..
හොඳ ප්‍රකාශයක්... ඊට කලින් අගමැතිතුමා ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ආරක්ෂාව දෙන්න. ප්රජාතන්ත්රවාදය දෙන්න. රාජ්‍ය සේවා කොමිසම ව්‍යවස්ථාව බිඳලා පාර්ලිමේන්තු හෑල්ලුවට ලක් කරලා මගේ අයිතිවාසිකම් කඩකළා කියලා මම ඔබතුමාට පැමිණිලි කළා. මොකක්ද කලේ ඔබතුමා...?
රනිල් මහතා මේ රට හැදුවා එ්ත් එ්ක ඔක්තෝම්බර් මාසේ ඉදන් විනාශ වුණා.. අායෙත් අපි රට හදමු...
මේ සැරේ මොන බැංකුව කඩලද අපේ ජීවන තත්වය ගොඩදාන්නේ?
අායෙත් රනිල්ට සතියකට වරක් රට යන්න පුළුවන්... අපට සැප එපා... පොඩි අයට හැමදාම දුකනේ. ඔයාලම ඔක්කොම කන්න.
මහජන, ලංකා, ජාතික ඉතිරි කිරීමේ බැංකු 3ට ඊ ළඟට වැඩේ දෙනු ඇත...
ජනතාවගේ ජීවන තත්වය කෙසේ වෙතත්, මැති ඇමැතිවරුන්ගේ ජීවන තත්වය නම් ඉහළ යනවා ෂුවර්...
ජනතාවගේ ජීවන තත්වය කෙසේ වෙතත්, මැති ඇමතිවරුන්ගේ ජීවන තත්වය නම් ඉහළ යනවා ෂුවර්...
" දඹර අමිල හිමිටත් " දැන් මාසිකව රුපියල් ලක්ෂයක් 100.000 ලැබෙනවද..?
සිංගප්පූරුවක් කරන්නේ නැද්ද? හිනාත් යනවා... අවුරුදු 3ක්ම දුන්නා.
අගෙයි... දඹර අමිල හිමිට ඩබල් ප්‍රමෝෂන්..
කාටද හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන්නේ? දැනටමත් ඇලෝසියස්, මහේන්ද්‍රන්, රවී කරුණානායකටත් හොඳ ජීවන තත්ත්වයක් ලබා දීලනේ තියෙන්නේ...
කන්න නැතිවුණත් කමක් නැහැ. 99 බදුවලට රටේ සම්පත් විකුණන්න එපා..
කුමාර, ඔයාලගෙ දේශමාමක අප්පච්චි සින්නක්කර රට විකුනුවට කමක්නැද්ද ?
මටත් ඕනේ ඩෙනිම් කලිසමකුයි, චුයින්ගම් එකකුයි. බ්රෙස්ලේට් එකකුයි. ගිය පාර ගන්න බැරිවුණා.
ගරු අගමැතිතුමනි, සේරටමත් කලින් වඩාත්ම සුදුසු පුද්ගලයන් ඇමැති මණ්ඩලයට තෝරාගන්න. නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල් තුමාට දෙන්න. විනය නැති තැන සියල්ල බිඳ වැටේ කියලා කියමනක් තිබෙනවනේ... යුද්ධය කාලෙදිත් එතුමා බැණුම් අහඅහා හමුදාව තුළ විනය ආරක්ෂා කළේ නැතිනම් යුධ ජයග්‍රහණයක් නැහැ.
හැම මසකම ඉන්දන වැඩි කලේ මෙතුමා නේද?
හොඳ ජීවන තත්ත්වයක් නැතත් කමක් නැහැ, මේ . තිබෙන ජීවන තත්ත්වය මේ මට්ටමින් හරි අපට ආරක්ෂා කරලා දෙන්න. කරුණාකරලා ජවිපෙ යෝජනා කරනවා කියන 20 වන ව්‍යවස්ථා සංශෝධනය නතර කරන්න. මීළඟ මහ මැතිවරණය තෙක් නව ව්‍යවස්ථා සංශෝධන නම් එපා. විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවයි පසුගිය කාල පරිච්ඡේදයේ සිදුවීම වලින් තහවුරු වුණේ.
ඉතිරි කාලයත් ගෙවමු දුප්පත් ජනයාට...වැට් සමග...
බැංකු කඩපු අය රජවේ...
වර්ණකුලසූරිය මම අනික් ආගම් වලට ගරු කරන නිසයි අතිගරු කාදිනල් තුමාකීවේ නමුත් මට ඒ ගරු කිරීම අනික් ආගම් වලට කරන්න බැහැ මොකද මම ආගම් ගැන ප්‍රමාණවත් හැදෑරීමක් කර තිබෙන නිසා. නමුත් අවාසනාවකට ඒ කරුණු ඔබට කියන්න ක්‍රමයක් නැත. එත් උනන්න්දුනම් ඔබට පොටක් පාදාදෙන්නම්.