(රංජන් කස්තුරි)

හෙද සේවාවට බලපාන වෘත්තීය ගැටළුවලට රජය ලබදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රටපුරා තෝරාගත් රෝහල් සියයක අද දහවල් විරෝධතාවක පැවැත්වීය.

හෙද හෙදියන්ගේ උසස්වීම් ගැසට් කිරීම, මාණ්ඩලික තත්ත්වය ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම, දින පහේ සතිය ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීම ඇතුළු ඉල්ලීම් දින ගැනීම සඳහා එම විරෝධය පැවැත් වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රතනප්‍රිය මහතා සඳහන් කරයි.

කළුබෝවිල,අංගොඩ, මාතර, මහනුවර, ගම්පහ ඇතුළු තෝරාගත් රෝහල් 100ක එම විරෝධතාවය අද දහවල් කෑම පැයේ පැවැත්වුණු අතර ඉන් රෝගී සත්කාරසේවාවන්ට බාධාවක් සිදු නොවූ බව සමන් රතනප්‍රිය මහතා කීවේය.  

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

මහනුවර (ධම්මික ගුණවර්ධන)

බදුල්ල (ප්‍රසාද් රුක්මල්)

තංගල්ල (ආරියදාස කොඩිතුවකු)