
(රේඛා තරංගනී ෆොන්සේකා)
විශේෂ කාර්යාල දුම්රිය හෙට (16) සිට උදෑසන සහ පස්වරුවේ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියගුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවන අතර පහත සඳහන් දුම්රිය ස්ථානවල කිසිඳු දුම්රියක් නතර නොකරන බවද දැනුම්දෙයි.
සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති දුම්රිය ස්ථානයන් හි දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර කොළඹ කොටුව සිට මහනුවර දක්වා වු ප්‍රධාන මාර්ගයේ ඇති දුම්රිය ස්ථානයන් වන මරදාන, දෙමටගොඩ, කැලණිය, වණවාසළ, එඩේරමුල්ල, හොරපේ උප දුම්රිය ස්ථානය, රාගම, වල්පොල, බටුවත්ත උප දුම්රිය ස්ථානයන්හි දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙනු ඇත.
කොළඹ කොටුව සිට පුත්තලම දක්වා වූ හලාවත මාර්ගයේ පේරලන්ද, ජා ඇල, කුඩහකපොල, මීගමුව තුඩැල්ල, කට්ටුව උප දුම්රිය ස්ථානයේ දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර කොළඹ කොටුව සිට කොස්ගම අවිස්සාවෙල්ල දක්වා දිවෙන කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් පාර දුම්රිය ස්ථානය, කොටා පාර දුම්රිය ස්ථානයන් හි දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙනු ඇත.
කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා වූ මුහුදුබඩ මාර්ගයේ මහලේකම් කාර්යාල උප දුම්රිය ස්ථානය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අඟුලාන දුම්රිය ස්ථානය යන ස්ථානයන් හි දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර සියලුම මගින් සෞඛ්‍ය අංශ ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නීතිරීතිවලට අනුව කටයුතු කළ යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී ඇත.

2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුදෙකළා ප්‍රදේශ මඟහැර කාර්යාල දුම්රිය දුවයි