(බිඟුන් මේනක ගමගේ)
දුරකථන සංවාද පටිගත කර විවිධ අරමුණු සඳහා භාවිත කිරීම අපරාධයක් යැයි ද එය ජනමාධ්‍යටත් එසේම අදාළ යැයි ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(12) පැවසීය.
ජනසන්නිවේදන විෂයට අදාළව මෙම සිදුවීමේ නීතිමය ස්වභාවය ගැන විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාව දැනුවත් කළ යුතු යැයි ද අමාත්‍ය ගුණවර්ධන මහතා අවධාරණය කර කීය.
රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පොලිස් බාරයට ගත්තේ යැයි කියන හඬ පට කිසිවක් වෙනත් පාර්ශවයක් අතට පත්ව නැති බවට සහතික වන්නේ යැයි කී හෙතෙම පොලිසියට බාර දුන් හඬපටවලට අතිරේකව කුමන හෝ පාර්ශ්ව විසින් මුදා හළ හඬ පට රාශියක් සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශව සතුව පවතින්නේ යැයි කීවේය.
වෙනත් පාර්ශ්ව පෞද්ගලිකව තමා සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී ඒවා දැනුම්දීමකින් තොරව මෙලෙසින් පටිගත කර තබාගැනීම නීතියේ හැටියට වරදක් යැයි ජනසන්නිවේදන ඇමැතිවරයා හැටියට තමා විශ්වාස කරන්නේ යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීය.
හඬ පට සම්බන්ධයෙන් රජයට නිල ස්ථාවරයක් දැරීම පවා අපහසු වී ඇතැයි ද ආණ්ඩුවකට එවැනි අත්දැකීමක් ලැබුණේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට වීම ඊට හේතුව යැයි ද ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
හඬ පට සියල්ල ප්‍රසිද්ධ කළයුතුයි. ශ්‍රී ලංකාව අගාධයට ඇද දැමූ, සියලු සාරධර්ම, සංස්කෘතින් සභ්‍යත්වයන් විනාශ කළ දේශපාලන, නිලධාරි හා සමාජය පරිහානියට පත් කරන පුද්ගලයන් ගැන අවබෝධයක් ජනතාවට එමඟින් ලබාගත හැනි වේවි... ඒ හඬපට අහද්දී දැනෙන පිළිකුල මේ පුද්ගලයින් සමාජයෙන් ප්‍රතික්ෂේප වීමට උපකාරයක් වෙයි. හැබැයි අපි දන්නවා මේවා ප්‍රසිද්ධ නොවීමට ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව ක්‍රියා කරනවා කියලා. ඒ නීතිරීති නිසා නොවේ. ඔවුන් සියලු දෙනා එකම පැලැන්තියේ නිසා.... අහෝ ලංකා මාතා!!!
මොකද බය වුණාද එළියට එයි කියලා...? වැඩේ කන්න එපා බන්දුල උන්නැහේ රටේ ජනතාව මේවා දැනගත යුතුයි. නැතිනම් ඔහෙලා මේවා වහගෙන සද්ද නැතුව ඉද්දී. එතකොට අපිට අර කපටි රජයේ නිලධාරින් සුද්දවන්තයින් වෙනවා. අපි ඔවුනට ගරු කරනවා. දැන් එහෙම වෙන්නේ නැත. රජයේ උසස් යැයි සම්මත නිලධාරිනියන් රන්ජන් සමග ද්වේශයෙන් කතාකළ බව දැන් අපි දන්නවා. ඔවුන්ගේ දරුවන් සැමියන් දන්නවා ඔවුන්ගේ යහළුවන් දන්නවා.
සුද්දවන්තයෝ වගේ කතා කෙරුවට දේශපාලුවෝ කවුරුත් මේවට කැමති වෙන එකක් නැහැ.
මේ ගොල්ල දැන් බුමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ නොවැ. අනුන් ඔක්කොටම වැඩ නියම කර කර ඉන්නවා. අගවිනුසුරුට කියනවා විනිසුරන් ගැන පරීක්ෂණ කලයුතුයි කියලා. නියාමන කොමිසමට කියනවා වහාම හඬපට ගැන නීතිය කියාදෙන්නලු. පොලිස්පතිට නියම කරනවා නිලධාරීන් ගැන වහාම පරීක්ෂණ කරන්නලු. රටේ පාලනය බාර ගොයියල හැටියට මේ ගොල්ලන්ට කරන්න දෙයක් නැද්ද? කරන්නේ නන් දොඩවන එක පමණද?
ඇයි ඇමතිතුමනි, ඊට වැඩියෙ හොඳ නැද්ද ඉදිරි මැතිවරණවලදි වැදගත් පිරිසකට නාමයෝජනා දුන්නනම් ? එතකොට ප්‍රශ්න ඉහල ඉඳල පහලට නිරාකණය කරගන්න පුලුවන්නෙ.
ලංකාවේ තාම මිස්ටර් වගේ සෙල්ලම් සේරම තියෙන්නේ නඩු බඩු ඔක්කෝටම කලින් ප්‍රචාරය වෙනවා. ඒ කෙසේවෙතත් මේ පිළිබඳව විශේෂ පරීක්ෂාවක් කරලා හොරු ඔක්කොම එළියට එයි.
ඉස්සර කාලේ MySQL ගැන කයිවාරු ගහපු ලංකාව Silicon Valley එකක කරන්න හදපු නියමුවා මේ නීති ගැන බැලුවේ නැත්තේ ඒගොල්ලොත් මේක කරපු නිසාද?
ජන සංනිවේදන විෂයට අදාළව මෙම සිදුවීමේ නීතිමය ස්වභාවය ගැන විදුලි සංදේශ නියාමන කොමිසමට මහජනතාව දැනුවත් කරන්න දැනුමක් තිබේද ? පුලුවන්ද ?
මේ හඬ පට සියල්ල මුද්‍රණය කර ජනතාවට විකුනන්න. මෙය රුපවාහිනී හෝ ගුවන්විදුලි සංස්ථාවට කරන්න පුළුවන්. උණු කැවුම් වගේ විකිනේවි. රජයට හොඳ අදායමක් ලබාගන්නත් පුළුවන්.
ඔබතුමත් බය වෙලා වගේ?
ඔය එක එක එක්කෙනාගේ කුණු අතුල්ලන්නේ නැතිව ,රුපියල් 2500 ට කාල බීල ඉන්න වැඩ පිළිවෙල ගැන බැලුවොත් හොඳයි නේද ?