හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.
කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.
COMMENTS
වටින තීරණයක්
මෙම සීමාව සමඟ අපට අපගේ රැකියාවට යා හැකිය. මම මේ කාලය තුළ මගේ කාර්යාලයට ගියොත් කමක් නැද්ද?
පරක්කු වැඩියි. ඔවුන් මෙය මෙම කාල වකවානුව තුළ ඉටුකර තිබිය යුතුයි.
හරිම අගෙයි සර්.. ඒ වගෙම නීති උල්ලංගණය කරන අයට දෙන දඞුවම්, තරා තිරම, නිළය තලය නොබලා කාටත් එකසේම කරනවා නම් ඉතාමත්ම අගෙයි.
අද කියනවා හෙට කියනවා. මොන විහිළුවක්ද මෙක..? මෙතුමා දැන් නිකන්ම මෙ ආණ්ඩුවෙ ජෝකර් වෙලා...
"තරා තිරම, නිළය තලය නොබලා කාටත් එකසේම කරනවා නම් ඉතාමත්ම අගෙයි." එසේනම් අගෙයි ,අගෙයි හරිම අගෙයි .
මේ අය හොයාගෙන තියනවා කොරෝනා බෝ වෙන්නෙ රෑට කියල. ඵකය් රෑට සීමා දාල තියෙන්නෙ දවල්ට අවුලක් නෑ.
කෝ අපේ විරුවා රට පැනලාද?
අයියෝ අපරාදේ ලොකු රැස්විමක් තියලා කාලය නාස්ති කලා රැ 11 ඉදන් පාන්දර 4 වෙනකල් අපේ රටේ මිනිස්සු කොහොමත් ගෙදර එළියේ ඉන්නේ පොලිසියේ හමුදාවෙයි විතරයි
ලොක්ඩවුන් කිව්වොත් 5000 දෙන්න වෙන නිසා සංචරණ සීමා කිව්වා වගේ....
ඔබතුමා දැන් අපට පේන්නේ ඉහළින් ලියලා දෙන උපදෙස් ටික කොලේක ලියලා ගෙනත් කියවන ප්‍රකාශකයෙක් විතරයි...
යක්කු ගස් යන වෙලාවේ ඇඳිරි නීතිය දමලා තියෙන්නේ කොරෝනා වවුලන්ගෙන් බෝ වෙන නිසාද? කොරෝනා එන්නත් ගෙන එන්න මුදල් වියදම් නොකර... ජිම් සහ අධිවේගී මාර්ග හදනවා. මේවා නිකන් විහිළු වගේ...
හීනෙන් ඇවිදින කට්ටියට තමා අවුල ...
එක තැනක අද ඉඳලා කියනවා, තව තැනක හෙට ඉඳලා කියනවා... ආයේ රෑට විතරයි කියනවා... ආයෙ තැනක හෙට රෑ ඉඳලා සඳුදා අලුයම වෙනකල් කියනවා. අනේ මන්ද කාගෙන්ද මේ ගැන හරියටම නිවැරදි විස්තර දැනගන්නේ. කලකිරෙනවා හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ බලාපොරොත්තුවක් කිසි දෙයක් ගැන නැතිව ජීවත් වෙන්නේ. මහ අවාසනාවන්ත කාලයක අපි ඉපදිලා තියෙන්නේ.... බලයෙ ඉන්න අය එහෙම... විපක්ෂයේ අය ඊට එහා. ඔක්කොටම අන්‍තයි මේ මාධ්‍ය... කෝක විශ්වාස කරන්නද?