
(ඉන්දිකා රාමනායක සහ ඩයනා උදයාංගනී)
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කර මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේ ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන් වේ.
තරු හතරේ ජෙනරාල්වරයකු වන මහේෂ් සේනානායක මහතා ට ගෞරව සම්මානය පුදකිරීමේ උත්සවය පසුගිය (16) දින ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පැවත්වීය.
ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව හදාරා ඇත්තේ 2000 වසරේ දීය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 1981 වසරේ ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් යුද හමුදාව එක්ව ඇති අතර 1983 වසරේ අතී දක්ෂ නිලදාරියා ලෙස ගෞරවනීය අසිපත දිනාගන්නට සමත් වුහ.
උතුරු නැගෙනහිර මෙහෙයුම් සදහා සක්‍රිය දායකත්වය දක්වමින් අවසන් සටන් සමයේ යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.
2017 - 2019 දක්වා ඔහු ශ්‍රි ලංකා යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර වසර 38 ක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.
COMMENTS
මොන විහිළුවක්ද ?
ඔව්, කොහොමත් එයා සේවය කලේ ඇමරිකාවටනේ.... පඩිත් ගන්න ඇති.
පාස්කු ප්‍රහාරය ඉන්ටර්නෙට් එකෙන් දැක්කටත් එක්ක වෙන්න ඇති සම්මානය ලැබුනේ. අපේ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල්තුමාට මොනවා හිතෙනවා ඇතිද මේ නිවුස් එක ගැන... දැන් මේ සම්මානයට අනුව මහේෂ් සේනානායක, සරත් ෆොන්සේකා මහතාටත් වඩා ඉහළයිද?
නිහතමානි පුද්ගලයෙකු නිසා ලැබුණා...
මුළු යුද්ධයම කළා කියන්නේ ෆොන්සේකා මහත්තයාලුනේ..? ඉතින් එයාට නැතිද එහෙම සම්මානයක්?
මේවා තමයි ජාත්‍යන්තර සැළසුම් කියන්නේ .
ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. මෙතුමා කිසිවිටක දේශපාලුවන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ, කඩේ යන්නෙත් නැහැ.
කෝ අපේ මේ මහ ලොකුවට යුද්ධය දිනවලා දුන්නා කියන ඔය හමුදා නායකයින් කාටවත් මේ වගේ සම්මානයක් ගන්න පුළුවන් වුණාද? සම්මානයක් දිනා ගැනීම යුද්ධයක් දිනනවට වඩා ආයාසයක් බව දැන්වත් ඒ අය අවබෝධ කරගන්නවා නම් හොඳා...
1983 දෙමළුන්ට ගැහුවාමත් සම්මාන දුන්නා.. 2019 පල්ලිවලට ගහලා මිනිස්සු මැරුවත් සම්මාන දුන්නා..