
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු වූ මහින්ද විජයසිරි මහතා, හොරණ-කැස්බෑව ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී අද (18) උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි.
කහතුඩුවේ සිට නුගේගොඩ දක්වා සිය පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් යමින් සිටියදී ඇති වූ හදිසි අසනීප තත්වයකින් ඒ මහතා මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මිය යන විට වයස අවුරුදු 78ක් වන ඒ මහතා කහතුඩුව පොල්ගස්ඕවිට පදිංචිකරුවෙකි.
අද උදෑසන වෙළඳසැලක් අසළ පැය දෙකකට ආසන්න කාලයක් මෝටර් රියක් නවතා තබා ඇති අයුරු දුටු වෙළෙඳසල් සේවකයකු පැමිණ එය පරීක්ෂා කිරීමේදී මිය ගොස් සිටි පුද්ගලයා දැක තිබේ.
අනතුරුව පොලීසිය පැමිණ පරික්ෂා කිරීමේදී මිය ගොස් ඇත්තේ හිටපු විභාග කොමසාරිස්වරයකු වන මහින්ද විජේසිරි මහතා බවට හඳුනාගෙන තිබේ.
මහින්ද විජයසිරි මහතා 2000-2004 කාලයේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස සේවය කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිටපු විභාග කොමසාරිස්වරයෙක්ගේ සිරුර වාහනයකින් හමුවෙයි