(නිමන්ති රණසිංහ සහ රොමේෂ් මධුෂංක)

අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයකු යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව යුදහමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් නගර කෝවිල් වෙරලආසන්නයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී තාවකාලික පැල්පතක බිම වලදමා තිබියදී අදාල ක්ලේමෝ බෝම්බය සමගින් ටී.56 පතුරම් 14 ක්, පිස්තෝල පතුරම් 45 ක් 12.7 වර්ගයේ පතුරම් 01 ක්, ඩෙටනේටර් නූල් මීටර් 02 ක් සොයාගනු ලැබීය.