( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තරකරුවෙකු වන හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටියේය.
මෙම පෙත්සම් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ඇගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් වෙනුවෙන් තමන් පෙනි නොසිටන බව නිතිපතිවරයා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට මීට පෙර දැනුම් දැනුම් දී තිබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ඊයේ දින පෙනී සිටියේය.
මෙම පෙත්සම් මීට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර හෙට (13) මෙම පෙත්සම් කැඳවූයේ බුවනෙක අළුවිහාරේ , එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
එහිදී පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 02 , 03 සහ 04 යන තෙදින දක්වා කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ලේඛන ඇත්නම් ඒවා ඔහුගේ නීතීඥවරයාට බාර දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න , සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන් , සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා , නාගානන්ද කොඩිතුවක්කු , ජූඞ් පෙරේරා , නිමල් කුමාරසිරි , කසුන් පුස්සේවෙල ඇතුළු පුරවැසියන් පිරිසක්ද , පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කරනු ලැබූහ.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ තර තිස්ත පරදදාහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රිය ලාල් දසනායක , හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , හිටපු ඇගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්වරුන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සම් හි මෙසේද සඳහන් වේ.
ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කැර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටිති.
එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග‍්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙති.
වගඋත්තරකරුවන්ගේ ක‍්‍රියාකලාපය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිති.
වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක‍්‍රියාකලාපය හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ගාමිණී පෙරේරා , ජනාධිපති නීතීඥවරුන් වන සංජීව ජයවර්ධන , ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය , ශමිල් පෙරේරා , සාලිය පීරිස් යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා , ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් , නියෝජ්‍ය සොලිසිටර් ජනාරල්වරුන් වන නෙරින් පුල්ලේ , ඒ.නවාවි , ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරුන් වන අවන්ති පෙරේරා , සුරේන් ඥානරාජ් , රජයේ නීතීඥවරුන් වන ඉඳුනි පුංචිහේවා , නිෂාරා ජයරත්න , කළණ කොතලාවල , ඉමේෂ ධර්මාදාස යන මහත්ම මහත්මීහු සමඟ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඇතළුපෙනී සිටියහ.
වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ නීතීඥ විරාන් කොරයා යන මහත්වරුන් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වර්ගයා නින්දා අපහාස විඳින්නේ හිටපු ජනපති සහ සහරාන් වැනි අන්තවාදී පුද්ගලයින් නිසාය. ඉතින් මෙවැනි පුද්ගලයන් බේරාගැනීමට ඉදිරිපත්වීම ලැජ්ජා සහගතයි කියලා තේරෙන්නේ නැද්ද? දන්නේ නැහැ. මේ තරම් ඔත්තු සේවා ජනපතිව දැනුවත් කළත් ක්‍රියා නොකිරීම සහ දැන් සම්බන්ධ වෙලා ඉන්න පක්ෂය සහ පාස්කු ප්‍රහාරය හමුවේ පාලක පක්ෂයට ජය උදාවීම කෙතරම හාස්‍ය ජනකද? මේවට තමයි ඩීල් කියන්නේ... පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩදීලා නිකන් බලන් හිටියා වගේ..
කතෝලික සහ මුස්ලිම්වරු අතර කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මේ දේශපාලන ගේම්වලට, මෝඩ අන්තවාදීන්ව අල්ලාගෙන ගහපු ගේමක්... හිටපු ජනපති මේ තරම් තොරතුරු දැනගෙන ඉඳලත් කිසිම දෙයක් කලේ නැත්තේ අහිංසක කතෝලිකයින් මැරෙනකම් බලන් හිටියා... දැනට ඉන්න පාලක පක්ෂයට ජය ලබාදෙන්න. ඊට පස්සේ ගිහිල්ලා එ්කටම හේත්තු වුණා. කතෝලිකයන් දන්නවා කවුද මේ ගේම ගැහුවේ කියලා... එ්ක හොඳට තේරෙන්න ඇති මීගමුවේ ලබපු පරාජයත් එක්ක..
මේ තරම් ඔත්තු සේවා දැනුවත් කරලා තිබයදී උඩ බලාගෙන හිටියා. ඊට අමතරව තඹ ටොන් ගානක් නිකුත් කලේ මෙතුමාගේ යටතේ හිටපු ශාන්ත බණ්ඩාර ඇමතිතුමා... දේශපාලන ගේම්වලට කතෝලිකයන් බිලි දුන්නා. අපි දන්නවා මේ ගේම පිටිපස්සේ මොන දේශපාලන පක්ෂේද හිටියේ කියලා... ගේම් ගහල ඡන්දෙ දිනා ගත්තා...
දී කිරිවලට "වල් ඌරන් මෙන්ම ෆාම් ඌරන් ද " සාක්කි දෙනවා කියන කියමට මොනතරම් සත්‍යක්ද...? මෙම ම්ලේච්ච ප්‍රහාරයට වගකිවයුතු හැම ඌරෙක්ම මරා දැමිය යුතුයි. එනමුත් එය කිසිදිනක මේ රටේ සිදුනොවන බවට ඉරහඳ මෙන් විශ්වාසය. එ් නිසයි මෙතරම් පහත් වැඩ කර මෙතරම් මිනිස් ඝාතනය කර මොවුන් සුදු පිරුවට, කොට කබා ඇඟේ ඔතාගෙන දත් විලිස්සාගෙන ඉන්නේ. කෙසේවෙතත් ඒ මියගිය අපගේ අහිංසක සහෝදර සහෝදරියන්ට මෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ ඒ සියල්ලන්ටම අප අපගේ වචනයෙන් හෝ යුතුකම් ඉටු කල යුතුය.
ත‍්‍රස්තවාදීන්ට උදව් කරපු අයට ත්‍රස්තවාදීන් උදව් කරන්නේ නැතිව වෙන කවුරු උදව් කරන්නද?
නැතුව, නැතුව, කෙලෙහිගුණ මතක තියෙන්න එපාය.