IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති පක්ෂ 31 ක නියෝජිතයන් එක්ක සාකච්ඡාවක

(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් එහි නායක, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවැත්විණි.
ලිබරල් පක්‍ෂය, ජනතා අරුණලු පක්‍ෂය, නව සිහල උරුමය, එක්සත් ලංකා පොදුජන පක්‍ෂය, ජාතික පෙරමුණ, මුස්ලිම් උලමා පක්‍ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ශ්‍රී ටෙලෝ පක්‍ෂය, ලංකා ජනතා ජාතික පක්‍ෂය, එක්සත් ලංකා ජනතා පක්‍ෂය, කම්කරු විමුක්ති පෙරමුණ, එක්සත් ලංකා මහා සභාව, නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ, ඉන්දියානු සම්භවයක් ඇති මහජන පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, මව්බිම ජාතික පෙරමුණ, එක්සත් කොංග්‍රසය, අපේ ජන උරුමය, ප්‍රගතිශීලී ජනතා සේවක පක්‍ෂය, හෙලබිම ජනතා පක්‍ෂය, මව්බිම ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය, ජාතික මහජන පක්‍ෂය, එක්සත් ලංකා ජනබල පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්‍ෂය, එක්සත් නිදහස් පක්‍ෂය, මහජන සංවර්ධන පක්‍ෂය, සමාජ සංවර්ධන පක්‍ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන පක්‍ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
එම සාකච්ඡාවට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතුවීමට කැමැත්තෙන් සිටින සහෝදර දේශපාලන පක්ෂ කිහිපයකට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කළ බවය.
ඉදිරි මැතිවරණයකදී තරඟ කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ළඟදි මැතිවරණයක් නොමැති බැවින් දැන්ම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂ එක්කරගෙන ඉදිරියේදී කටයුතු කිරීමට අප බලාපොරොත්තු වන බවය.
ඉදිරි ඕනෑම මැතිවරණයකදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ගන්නා තීන්දු අනුව කටයුතු කරන බව කී අමරවීර මහතා ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් බවද පැවසීය. අපි
ජනතාව ආණ්ඩුව ගැන කලකිරී සිටින දන්නේ යැයි කී ඇමතිවරයා ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ කළත් ආණ්ඩුවේ නායකයන්ගෙන් එවැනි චෝදනා නැති නිසා යටිතලයේ අය කියන දේ ගැන තැකීමක් කරන්නේ නැතැයි ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපි ඡන්ද 17,10,000ක් සමඟ රජයට එක්වුණේ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබා බවත්, ඉදිරි තත්වය අනුව අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු ගන්නා බවත් හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (6)

හිටපු ජනපති පක්ෂ 31 ක නියෝජිතයන් එක්ක සාකච්ඡාවක

නන්දන​ Friday, 12 November 2021 12:09 AM

පාස්කු බෝම්බය අපිට මතකයි. ලැජ්ජ නැතුව දේශපාලනයේ...

:       0       1

Saththaya Friday, 12 November 2021 08:01 AM

අපොයි ඔය සාකච්ඡා කරන පක්ෂ ටිකත් ඉවරෙටම ඉවරයි. ඔවුන්ගේ දේශපාලනයත් ඉවරයි...

:       0       3

Hafeel Friday, 12 November 2021 09:18 AM

පරිස්සමින් මේ වැඩේ කරන්න. නැත්නම් පාස්කු ප්‍රහාරයට හිරේ යන්න වේවි. යන්තම් හෝ බේරිලා ඉන්නෙත් කරපු උදව්වට...

:       0       4

jayasekara Friday, 12 November 2021 12:27 PM

ආයෙමත්.. ආප්ප කාලා කෝපි එකක් බොන්න දොළදුකක් පහළ වෙලා වගේ...!!!

:       0       12

සන්ක Friday, 12 November 2021 03:26 PM

මෙයාව බලයට ගේන්න ආයෙමත් පිස්සුවක් මේ රටේ මිනිස්සුන්ට නැහැ.. නිකන් දොඩවනවා..

:       0       3

Nandana Friday, 12 November 2021 04:18 PM

මේ වගේ මානසික රෝගීන් එක්ක මොන කතාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site