(නාලක සංජීව දහනායක)
මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීම සදහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (12) අරලියගහ මන්දිරයේදී නාමයෝජනා පත්රයට අත්සන් තැබුවේය.
නීතීඥ ටිෂාන් මංජුල වෙල්ලාලගේ මහතා ඉදිරියේ හිටපු ජනාධිපතිවරයා නාම යෝජනා පත‍්‍රයට අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
අනේ අනිච්චං වෙච්ච දෙයක්. මෙච්චර වැදගත් ඓතිහාසික පක්ෂයක් මෙතරම් බාල්දු උන තත්වයකට ඇද දමලා දැන් "පැරදුනානම් පවුල පිටින් අඩි හයක් පොළව යටට යවනවා" කියපු කෙනාගේ ඉඳුල් ලෙව කන්නේ රෙද්දකුත් ඇඳගෙනද දන්නේ නැහැ.
තිබුන ලොකුම බලය ජනාධිපති බලයයි. එදා කෙරුවේ දිය යටින් ගින්දර ගෙනියමින්. පක්ෂ කොටවමින් ව්‍යවස්ථාවේ නැති දේවල් කරමින් ලෝකේ කිසිම ජනාධිපති කෙනෙක් නොකරපු වැඩ කරපු එකම කෙනා. දැන් ගම කන්න අත්සන් ගහනවා, ගුටිනොකා බේරුනොත් ඇති. කොළඹ මන්දිරය රජයට දීලා. කුබුරක් කොටන් ජිවත් වෙන්න. තවත් ජනතාවගේ මුදල් මොහු වෙනුවෙන් නාස්ති වෙන එක වෙන්නේ.
ලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වැඩිය ලොකුයි කියනවනේ..
අනිවා පරාදයි.
එදා මෙදාතුර පහළ වූන ලැජ්ජාවක් නැති දේශපාලකයෙක්.
මෙයා මොනවට ආවද මන්දා.............
මට පාස්කු බොම්බේ සහ කුමන්ත්‍රණය මතක් වෙනවා. ජනතා අකමැත්තෙන් වැඩක් නැහැ.
මෙයාව ආයෙමත් ගෙන්නෙන්න තරම් පොහොට්ටුව පරවෙලා.
ලජ්ජා නැති හැටි...
ලැජ්ජාවක් තියෙනවානම් මේ වගේ ලෝකේ හිනස්සන කොළ වලට අත්සන් කරයිද?
නැද්ද කිසිම ලැජ්ජාවක්?
ජයවේවා. හොරකම් නොකරපු එකම නායකයා.
අනේ මට හු කියනවානේ...
අහිංසකයන් කොරෝනා හැදිලා මැරෙද්දි සොබාදහමට ටිකක් කල්පනා කරන්න තිබුණා ඇත්තටම තෝරා ගත යුත්තේ කවුද කියලා
ඇත්තටම මෙයාගේ ලැජ්ජා නහර කපලාද? මේ විදියට බාල්දු වෙන්නේ... එහෙම නැත්නම් තණ්හාවට සහ බල ලෝභයට ලැජ්ජාව කියන එක අදාළ නැද්ද?
කිසිම හිටපු ජනාධිපති කෙනෙක් නැවත එපා... එයාලට එදා බැරිදේ අද කොහොමත් බෑ.
කෝ පිටිපස්සේ ඉන්න කවුරුත් වැදගෙන නෑනේ.
ලජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වැඩිය ලොකුයි කියනවානේ.
මහා පොළොවට බරක් වෙච්ච කෙනෙක්...............