(නිමන්ති රණසිංහ)

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබාදෙමින් සිටින බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීපයට’’ පැවසීය.

උතුරු පළාතේ ස්ථාන කිහිපයකට ඡන්ද දායකයින් ප‍්‍රවාහනය කිරීමට රුපියල්  ලක්ෂ 95ක මුදලකට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා වෙත අනුමැතිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය සටහන් කරගනු ලබන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.