IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු ඇමැතිවරු දෙදෙනෙක්ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

(කාංචන කුමාර ආරියදාස)

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු අද (9) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් කොළඹ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට  එහි ව්‍යාපෘති කළමනාකාරවරයා බලපෑම් එල්ල කරන බව ප්‍රකාශ කරමින් සහ දඹුල්ල නගරයේ එක් අපේක්ෂකයකු ඉලක්ක කරගෙන කටවුට් බැනර් ප්‍රදර්ශනය කිරීම සිදු කරන බව ප්‍රකාශ කරමින් ද මෙම පැමිණිල්ල ලිඛිතව සහ වාචිකව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවා පතිරණ මෙනවිය  වෙත ඉදිරිපත් කළේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි  හේවාපතිරණ  මෙනවිය කියා සිටියේ මෙම පැමිණිල්ල මාතලේ තේරීම්භාර නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

  



අදහස් (7)

හිටපු ඇමැතිවරු දෙදෙනෙක්ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

upul Wednesday, 09 October 2019 08:54 AM

සජිත් මහතාට අධ්‍යාපන සුදුසුකම් නැ. ආණ්ඩුවේ සිටි දේශපාලන පළපුරුද්දත් අවුරුදු 7යි. වෙනත් රැකියාවක්වත් කරලත් නැහැ. ඒත් නායකතුමා එකඟ වූ පසු පොල්පිත්තක් වෙනුවෙන් වුවත් වැඩ කිරීමට අපි පාක්ෂිකයෝ ලෙස කටයුතු කරනවා. ඒක තමයි පක්ෂයේ හයිය.

:       206       344

BamunuarachchiWednesday, 09 October 2019 02:14 PM

පක්ෂයට හයිවෙලා වැඩක් නැහැ ඕයි... රටට හයියක් වෙන්න කියලා ඔය පක්ෂයේ මැට්ටන්ට කියා දෙන්න. වැඩක් කරන්න බැරි කෙනෙක් රටේ නායකයා කළාම අපිට කාගේ පිහිටක්ද?

:       1       0

රවින් Wednesday, 09 October 2019 09:13 AM

මේ දෙන්නාගේ දුෂිත මිනුම ? පන්සලේ ඉඩම් ටික? වටේ තියන කඳු මුදුන්වල ලියලා තියන ලාංඡන නම්? අනුන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා තමන්ගේ කෙරුවාව මැනලා බැලුවොත් හොඳ නැද්ද?

:       1       90

Gamarala Wednesday, 09 October 2019 09:18 AM

නෑ නෑ මේ ගාලුමුවදොර බලලා වැල්ලත් පාගලා යන්න එක්කන් යන්න හදන්නේ.

:       7       27

Raveendra Wednesday, 09 October 2019 09:22 AM

දැන් බලයේ ඉන්න අය කරන වැඩම මේ අය බලයේ ඉද්ද්දි කළ බව මේ දෙදෙනාටම අමතකවීම මහත්වූ පුදුමයකි. බලයේ ඉන්නකොට අවංකවද සේවය කළේ කියන්න කට ඇරලා..මිනිසුන්ගේ වටිනා කාලය කා දමනවා......

:       1       106

mihira Wednesday, 09 October 2019 09:29 AM

එයාලගේ කාලේ ඔහොම නෙවේ උනේ ඔව් අපි මැරිලා ඉපදිලා නේ

:       1       124

Mahinda Wednesday, 09 October 2019 12:14 PM

පරන ඒවා හරි ඉක්මනට අමතකයි. නමුත් මැතිවරණ විරෝධී දේවල් කාගේත් නවත්වන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site