( රංජිත් රාජපක්ෂ )
හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය හැටන් රුවන්පුර ජනපදයේ වන වගා රක්ෂිතයේ හට ගත් ගින්නකින් වගා රක්ෂිතයේ අක්කර 10 ක් පමණ විනාශ වී ඒ ආසන්නයේ තිබු තේ වගාවක්ද පිළිස්සී තිබේ.
අද පස්වරු 4 ට පමණ හටගෙන ඇති මෙම ගින්න මේ වන විට රක්ෂිතය පුරා සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
ගින්නෙන් අකක්ර 10 ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන ඇති අතර ගින්න වන වගා රක්ෂිතය අසල පිහිටි ෆයිනස් වගා රක්ෂිතයටද පැතිර යමින් පවති.
ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුමාරයක්ද පැතිර ඇති අතර ගින්න හේතුවෙන් රුවන්පුර ජනපදයේ පානිය ජලය ලබා ගන්නා ජල මුලාශද සිදියාමේ අවධානමකට ලක් වි ඇත.
ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවි ඇති අතර කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිවන පවතින වියළි කාලගුණ තත්ත්වය මත මෙම රක්ෂියට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසීහු පවසති.




2025 ඔක්තෝබර් මස 08
1475
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හැටන් රුවන්පුර වනවගා රක්ෂිතයේ ගින්නක්