(අංජුල මහික වීරරත්න)
හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරඹමින් අද (20) පැවසීය.
හෙට දුටු නායකයෙක් ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක බිහිකළ පරපුර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව කී රනිල් වික්‍රමසිංහ මහතා නිදහසේ සිය වන සැමරුම වනවිට දියුණු ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීම සඳහා වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරන බව ද පැවසීය.ඒ වෙනුවෙන් අලුත් තරුණයන් පක්ෂ නායකත්වයට පත් කරගෙන යන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීම සහ ඔන්ලයින් තාක්ෂණය මගින් පක්ෂයේ කටයුතු ආරම්භ කිරීම නිරෝධායන නීති වලට අනුගත වෙමින් ඊයේ පස්වරු 4ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
"හෙට එච්චර කලුවර නෑ" "හෙට දකින අපි -හෙට හදන අපි" "හෙට හදන පරපුරේ සාමාජිකයෙක් වන්න"යන තේමාවන් යටතේ මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් සාමාජික කාඩ් පත එළිදැක්වීම සහ ඩිජිටල් ඩ්‍රයිව් ඇප් මෘදුකාංගය නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
ඔන්ලයින් තාක්ෂණයට අනුගත වන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය මෙම වැඩසටහනට අවතීර්ණ වන අතර මෙදින පක්ෂ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර , උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ සහභාගීවූහ.
(ඡායාරූප: ඩික්සන් වසන්ත)
ඔන්ලයින් තාක්ෂණයට අනුගත වන ශ්‍රී ලංකාවේ ප්‍රථම පක්ෂය ලෙස ඩිජිටල් සාමාජික කාඩ් පත එළිදැක්වීම සහ ඩිජිටල් ඩ්‍රයිව් ඇප් මෘදුකාංගය නිකුත් කිරීම




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව සහ එතෙක් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම කැපවීම සහ අර්බුද හමුවේ නොසැලී සිටීම ගුය්න අගයකල යුතුවෙමු.
පාස්කු ප්‍රහාරය එල්ලවුනේ ඔය කියන හෙට දැකපු නිසාද ? දැන් මොලේ විකල්වෙලා නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කාලය එලඹී ඇතිබව සිහි තබා ගන්නවා නම් වඩා හොදයි.
බලයේ ඉන්නකොට හෙට ගැන දැක්කාද.... බලයක් නැතිවිට හෙට ගැන මොන කතාද.... මේවගේ කතා කියමින් පිං බත් කනවාද......
බලයේ ඉන්නකොට නැති , බලය නැති කොට ඇති මහා දුරදක්නා නුවණ !
රටට හෙටක් ඇතිවෙන්නේ මේක අල්ලාගෙන ඉන්න මහල්ලෝ ටික ගිය දවසට
බලය ලැබුණ භැම වෙලාවෙම සමනල තටුවල අවශ්‍යතාවලට මුල්තැන දීම තම කල්ලිය සමග පමණක් ගැවසී බුද්මත් මැති ඇමතින් නොසලකා ක්‍රියා කිරීමත් නිසා ඔබ ගැන විශ්වාසය තැබූ ජනයා ඔබ හැරගියා. කරුණාකර නිවැරදි තරුණ නායකයකුට බලය ගන්න පක්ෂය අතහැර විශ්‍රාම යන්න.
අවුරුදු 35 තිස්සේ කොරපු දේවල් හොඳටම ඇති .වදින්නම් දැන්වත් ගෙදරට වෙලා ඉන්න විහිළු සපයන්නේ නැතිව .
ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව ගොඩනැගුනේ ජනතාවට මුදල් විසිකර චන්දය ලබාගත් පාලකයෝ . ඒකෙ ප්‍රතිපල අද අපි භූක්ති විදිමින් ඉන්නවා . ජනතාව ඒ මුලාවට රැවටුනා . මහජන මුදල් හොරා කාලයි එහෙම කලේ . දැන්වත් තේරුම් ගියොත් ගොඩ එන්න උත්සහ කරන්න පුළුවන් . මේ ක්‍රමයට හොර සල්ලි නැතුව චන්ද දිනන්න බැරි වුනා . ඒ එක්කම දුෂිත පිරිසක් තමයි දේශපාලුවන් හැටියට එදිරිපත් වෙලා රට හදන තැනට ගියේ . නායකත්වයන්ට පාලනය කරන්න බැරි තත්වයක් උදා වුනා . කප්පන් දීල තියා ගන්න වුනා මේ මැරයන්ට . අනාගතයේදී ජාත්‍යන්තරය ජයගත හැකි කෙනෙක් ලංකාවට අවශ්‍ය . කව්ද ඉන්නේ කියා අවංකව , රට වෙනුවෙන් හිතන එක යහපත් පුරවැසියන්ට භාරයි .
නිදහස ලැබූදා පටන් දකිනවා පමණි. ගොඩ ඒමක් නොමැත. ඉතිරි ටිකත් ඔහොම යමු. අනේ ශ්‍රී ලංකාව ගැන ඇත්තේ කම්පාවක්.
2005 හෙටක් ගැන අපි හිතුව නිසා රට බේරුනා. හෙටක් ගැන හිතුවානම් අන්තර් ස්වයං පාලන අධිකාරියක් ප්‍රබාකරන්ට දෙන්න හදයිද? මෙයා විකාර දොඩවනවා.
පිස්සු තද වෙලා .අද පොයනේ
අනේ අම්මෝ...... ආයෙත් නම් එන්න එපෝ...... ඇවිල්ලා කල හරිය මදැයි.... පෝ ඩා... පෝ....
පිස්සු තමයි
දැන්ද ඇහැරිලා තියෙන්නේ ,මෙච්චරකල් රට ගොඩගන්න මොනවද කලේ
ලංකාව බිහි කරන්න කලින් තමුන්ගේ පක්ෂය නැවත බිහි කරගන්න
පසු ගිය යහපාලනයෙදී අපි දැක්කානේ .මාර දියුණු ලංකාවක් .බින්දුවටම බැහැලා දැන් මරු කියවනවා
ඔය දිනය බාලගිරි දෝෂ වගේ තමයි .කවදාවත් අද හෙට දිනයක් නෙමෙයි