IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්  නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට  අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , ඔහුව මුදා හරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ⁣ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.

එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර ය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (18) කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ නොතීසි තමන් වෙත  ලැබුනේ ඉකුත් සිකුරාදා සවස් වරුවේ බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතාගෙන් නඩු කටයුතුවලට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ඔහු හමුවීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන් ඉදිරි දිනයේ කරුණු දක්වන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය  හමුවේ කියා සිටයේය.

සියලු කරුණු සලකා බැලූ ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  පෙත්සම  ලබන ජූනි 01 වැනිදා සලකා බැලීමට දින නියම කළේය.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , එහි ස්ථානාධිපති ,නීතිපති ඇතුළු හය දෙනෙකු නම් කරනු ලැබ. සිටිති.

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා  ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ  හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට  ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයෙකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

පසුගිය අප්‍රේල්  14 වන දා රහස් පොලිසිය විසින් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබිය.
එම අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් ඉරිදිපත් නොකර  තිබිණි.නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත් දිනට පසුදා එනම් අප්‍රේල් 15 වැනිදා  මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තම සේවාදායකයා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර තිබිණි.ඊට අමතරව එහිදී මාධ්‍යවේදියෙකු යොමු කල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීතිපති උපදෙස් නොමැතිව මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ හිස්බුල්ලා මහතා ඇතුළු  සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පෙත්සම්කරුව බැලීමට නීතීඥවරයෙකුට අවසර ලබා දෙන්නේ නැත.එසේම එම නීතීඥවරයා මෙතෙක් කිසිදු මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කොට නැත.තවද පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට කිසිදු හේතුවක් නොමැත.ජනාධිපතිවරයා නොමඟ යවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ක්‍රියාව සිදු කර ඇත.එබැවින් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමට නීතියට පටහැනි වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් යූසුෆ් ඊබ්‍රාහිම් නැමැත්ත⁣ගේ සිවිල් නඩු දෙකකට නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙනී සිට ඇත.එම නඩු කොළඹ දිසා අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.



අදහස් (2)

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලේ

Tharindu Monday, 18 May 2020 10:50 AM

දැන් එතකොට මෙයා බබා?

:       0       31

බිනර Monday, 18 May 2020 05:16 PM

මේ ඉල්ලන අයිතිවාසිකම් අන් අපරාධ සැකකරුවන්ට ලබා දෙන අයිතිවාසිකම් හා සමාන නොවේ. ප්‍රවේශය ලෙස මෙහිදී අර්ත දක්වන්නේ පොලිස් නිලධාරීන් නොමැතිව නීතිඥවරුන්ට හමුවීමට අවස්ථාව ඉල්ලීමයි. මේ ඉන්නේ ත්‍රස්තවාදී කටයුතු පිලිබඳ සැකකරුවකු බැවින් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය ඊට අවස්ථාව ලබා නොදේ. ඔවුන් ඉඩ ලබා දෙන්නේ නිලදාරියකු සිටින විට එවැනි වූ සංවාදයක් කල හැකිය යන්නටය . පෞද්ගලික සංවාදයට ඉඩ දුන හොත් එමගින් සාක්ෂි විනාශ කිරීමේ අවදානමකට ලක්විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site