IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති

(අජන්ත කුමාර අගලකඩ)

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති  කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කරගැනීම බව පවසා ඇත.

එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (7)

හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති

Hafeel Tuesday, 27 August 2019 03:07 PM

කමිටු පත්කරන එක බොරු වැඩක්. නීතිමය පියවර ගතයුතුයි.

:       0       6

කරුණාවති Tuesday, 27 August 2019 03:11 PM

ඉතින් එහෙම අය තමයි පාස්කු දින බෝම්බ ප්‍රහාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාඩිවෙලා නඩු අහන්නේ.

:       0       8

sudath Wednesday, 28 August 2019 02:00 AM

තමුන් වඩාත් සැලකිය යුත්තේ කුමකටද කියා හකීම් මහත්තය දන්නවා. ඕවට දැන් කෑගසා වැඩක් නැහැ පාටලී මහත්තය

:       0       3

රවින් Wednesday, 28 August 2019 02:24 AM

තම තොප්පිය ඔලුවේ.

:       0       0

janahitha Wednesday, 28 August 2019 02:45 AM

සය්ටම් විරෝදය මෙතනට එන්නේ නැහැ මේකේ ඉන්නේ බහුතරය සිංහලයෝ ඔවුන්තමන්ගේ අයට පමණක් උගෙන ගන්න ඉඩ දෙන්නේ නැති තමන්ගේ ම පිරිසෙන් පමණක් කකුලෙන් අදින ඉන්දියානු සම්බවයක් ඇති පිරිසක්

:       0       3

Nuwan Wednesday, 28 August 2019 05:43 AM

චන්ද පොරොන්දුවක් බවට ඕක පරිවර්තනය කරගන්න තමා ඕක කල් අරින්නේ.අපි නොදන්නා හකීම්!!

:       3       37

sunanda Wednesday, 28 August 2019 07:33 AM

හොරාගේ අම්මගෙන් පේන අහනවා

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site