IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න

(බිඟුන් මේනක ගමගේ)

පාර්ලිමේන්තුව නැවත රැස් වුූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබන බවත් එය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කීය.

මෙම බල හුවමාරුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් යැයි රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම එය තනිකරම දේශපාලන සටනක් බවත් එහි අරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුව සියතට ගැනීම බවත් අවධාරණය කළේය.

දේශපාලන ගැටුමක් නීති ප්‍රශ්නයක් හැටියට අර්ථකතනය නොකරන්නැයි ඉල්ලා සිටින බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ විසින් කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්ෂය කළේ ජනාධිපතිවරයා පාවිච්චි කරගෙන ප්‍රතිවාදියා පරාජය කිරීම බවත් තම පාර්ශ්වය ද මෙම අවස්ථාවේ පාවිච්චි කළේ එම උපායමාර්ගයම බව ද නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (8)

හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න

Jayantha Saturday, 27 October 2018 11:18 AM

දෙගොල්ලෝම කලේ ජනතාව පරදන එක...

:       0       0

ධනුෂ්ක Saturday, 27 October 2018 12:24 PM

අපි බලමු දැන් රුපියල නග්ගන හැටි. බඩු මිල අඩු කරන හැටි. මේවා ගහෙන් ගෙඩි එනවා වගේ කරන්න බෑ කියලා දන්නවා. එ් නිසා අවුරුද්දක් ගිය පසුවත් ගහපු කයිවාරු ඉටු කරනවද බලමු. හැබැයි පැවති අාණ්ඩුවේ වැරදි නිසා එහෙම කරන්න බෑ කියන කථාව අහන්න නම් ජනතාව සූදානම් නෑ. මොකද එ් වගේ කතා පිළිගන්න මෝඩ මිනිස්සු දැන් ගොඩක් අඩුයි. ටික දෙනයි ඉන්නේ...

:       0       0

සතයපාල Saturday, 27 October 2018 12:43 PM

අවුරුදු පනහකට වැඩි කාලයක් මේ පුද්ගලයා දේශපාලනය කළත් තවම දේශපාලන සංසිද්ධි ගැන අවබෝධයක් නැති පාටයි. මේක දේශපාලන උපායක් හෝ ක්‍රියාමාර්ගයක් (සටනක්) නොවේ. තනිකරම පහත් පෙළේ කුමන්ත්‍රණයක්. සැබෑ දේශපාලන සටනක් දෙන්නම් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ජය ගැනීමෙන් හෝ අයවැය යෝජනාව පරාජය කිරිම මගින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කිරිම හරහා කල යුතුව තිබුණා.

:       0       0

sirimal Saturday, 27 October 2018 02:18 PM

පාර්ලිමේන්තුව රැස්වෙන්නේ තව කොයි කාලයකින්ද සහෝදරයා? දේශපාලනයේදී එච්චර කාලයක් කියන්නේ මොන මොන වින්නැහි සිද්ධ වෙන්න පුළුවන් කාලයක්ද? ඒ කාලය තුල ඔය කියන සමහර දෙනා එෆ්.සී.අයි.ඩී එක පැත්තට දක්කන්නත් බැරි නැහැ. " වොයිස් කට්" වල බලවත් කෙනෙක් ඒවගේ දේවල් කියනවා ඇහුණා. ඌරගේ මස් ඌරගේ ඇඟේ තියලලුනේ කපන්නේ. මේ ගොල්ලෝ කෙළ හලහල ඉන්නේ එහෙම දේවල් ටිකක් අත්හදා බලන්න. එදාට නම් කලින් කට්ටිය කළා වගේ " ඩීල්" දමාගෙන අත ගගා කල් මරණ එකක් නැහැ. නඩු දැම්මා හිරේ ඇරියා. මතකයිනේ ෆොන්සේකාට වුණු නස්පැත්තිය...

:       0       0

lakshitha Saturday, 27 October 2018 03:23 PM

මාසයක් කල් දැම්මේ කහනවටද?

:       0       0

vidya Sunday, 28 October 2018 02:58 AM

මීට පස්සේ පාර්ලිමේන්තුවේ කුණු හරුප කියන්නේ නැතිව , සහයෝගයෙන් කටයුතු කරන්න.

:       0       0

සමන්ත Sunday, 28 October 2018 03:28 AM

අතුරු සම්මත ගිණුම් මොකටද ? අයවය පරාද කරලා පුලුවන්නම් පෙන්නනවකෝ.

:       0       5

හිඳුුුරංගල පාල Sunday, 28 October 2018 11:03 AM

අතුරු සම්මත ගිණුමක් ‌ගේන්නේ අයවැය නැතිනිසානේ... එය අවැසි වෙන්නේ ඉදිරිකාලයේ වියදම් වෙනුවෙන්.. එය පරාද කළොත් රටට හානිදායකයි කියලා නුඹ නොදන්නවා වුණාට මොන්ටිසෝරි දරුවන් පවා දන්නවා. රනිල් කවදාවත් රටට හානිකලේ නැහැ. පුළුවන් නම් පාර්ලිමේන්තුව වහා කැඳවා නුඹේ ලොක්කට බහුතරය පෙන්වන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 842 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site