(බිඟුන් මේනක ගමගේ)
පාර්ලිමේන්තුව නැවත රැස් වුූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබන බවත් එය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කීය.
මෙම බල හුවමාරුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් යැයි රනිල් වික්‍රමසිංහ මහතා නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී හෙතෙම එය තනිකරම දේශපාලන සටනක් බවත් එහි අරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුව සියතට ගැනීම බවත් අවධාරණය කළේය.
දේශපාලන ගැටුමක් නීති ප්‍රශ්නයක් හැටියට අර්ථකතනය නොකරන්නැයි ඉල්ලා සිටින බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ විසින් කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
එක්සත් ජාතික පක්ෂය කළේ ජනාධිපතිවරයා පාවිච්චි කරගෙන ප්‍රතිවාදියා පරාජය කිරීම බවත් තම පාර්ශ්වය ද මෙම අවස්ථාවේ පාවිච්චි කළේ එම උපායමාර්ගයම බව ද නානායක්කාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
දෙගොල්ලෝම කලේ ජනතාව පරදන එක...
අපි බලමු දැන් රුපියල නග්ගන හැටි. බඩු මිල අඩු කරන හැටි. මේවා ගහෙන් ගෙඩි එනවා වගේ කරන්න බෑ කියලා දන්නවා. එ් නිසා අවුරුද්දක් ගිය පසුවත් ගහපු කයිවාරු ඉටු කරනවද බලමු. හැබැයි පැවති අාණ්ඩුවේ වැරදි නිසා එහෙම කරන්න බෑ කියන කථාව අහන්න නම් ජනතාව සූදානම් නෑ. මොකද එ් වගේ කතා පිළිගන්න මෝඩ මිනිස්සු දැන් ගොඩක් අඩුයි. ටික දෙනයි ඉන්නේ...
අවුරුදු පනහකට වැඩි කාලයක් මේ පුද්ගලයා දේශපාලනය කළත් තවම දේශපාලන සංසිද්ධි ගැන අවබෝධයක් නැති පාටයි. මේක දේශපාලන උපායක් හෝ ක්‍රියාමාර්ගයක් (සටනක්) නොවේ. තනිකරම පහත් පෙළේ කුමන්ත්‍රණයක්. සැබෑ දේශපාලන සටනක් දෙන්නම් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ජය ගැනීමෙන් හෝ අයවැය යෝජනාව පරාජය කිරිම මගින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පරාජය කිරිම හරහා කල යුතුව තිබුණා.
පාර්ලිමේන්තුව රැස්වෙන්නේ තව කොයි කාලයකින්ද සහෝදරයා? දේශපාලනයේදී එච්චර කාලයක් කියන්නේ මොන මොන වින්නැහි සිද්ධ වෙන්න පුළුවන් කාලයක්ද? ඒ කාලය තුල ඔය කියන සමහර දෙනා එෆ්.සී.අයි.ඩී එක පැත්තට දක්කන්නත් බැරි නැහැ. " වොයිස් කට්" වල බලවත් කෙනෙක් ඒවගේ දේවල් කියනවා ඇහුණා. ඌරගේ මස් ඌරගේ ඇඟේ තියලලුනේ කපන්නේ. මේ ගොල්ලෝ කෙළ හලහල ඉන්නේ එහෙම දේවල් ටිකක් අත්හදා බලන්න. එදාට නම් කලින් කට්ටිය කළා වගේ " ඩීල්" දමාගෙන අත ගගා කල් මරණ එකක් නැහැ. නඩු දැම්මා හිරේ ඇරියා. මතකයිනේ ෆොන්සේකාට වුණු නස්පැත්තිය...
මාසයක් කල් දැම්මේ කහනවටද?
මීට පස්සේ පාර්ලිමේන්තුවේ කුණු හරුප කියන්නේ නැතිව , සහයෝගයෙන් කටයුතු කරන්න.
අතුරු සම්මත ගිණුම් මොකටද ? අයවය පරාද කරලා පුලුවන්නම් පෙන්නනවකෝ.
අතුරු සම්මත ගිණුමක් ගේන්නේ අයවැය නැතිනිසානේ... එය අවැසි වෙන්නේ ඉදිරිකාලයේ වියදම් වෙනුවෙන්.. එය පරාද කළොත් රටට හානිදායකයි කියලා නුඹ නොදන්නවා වුණාට මොන්ටිසෝරි දරුවන් පවා දන්නවා. රනිල් කවදාවත් රටට හානිකලේ නැහැ. පුළුවන් නම් පාර්ලිමේන්තුව වහා කැඳවා නුඹේ ලොක්කට බහුතරය පෙන්වන්න...