ඩී.ජී.සුගතපාල
හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ දි අද (5) සවස පාතාල කණ්ඩායමක සාමාජිකයකු බව කියන පුද්ගලයකුට වෙඩි තබා ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ කලුපෙ ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලාගිය 29 හැවිරිදි අයෙකි.
තුවාලකරු කලක් ගමට නොපැමිණ සිට අද සවස ගමට පැමිණ පයින් යමින් සිටියදි මෙසේ වෙඩි තබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd