
(ජයන්ත සමරකෝන්)
ලබන දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් පමණ මේ දක්වා ලැබී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍යයෙන් වසරකදී හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂ තුනහමාරක් පමණ ලැබෙන නමුත් මේ දක්වා ලැබී ඇත්තේ ලක්ෂ දෙකහමාරක් පමණක් බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(10) පැවසීය.
සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේත් සාමනේර හිමිවරුන්ගේත් හැඳුනුම්පත් අයදුම්පත් අගෝස්තු 31ට පෙර ප්‍රධාන කාර්යාලයට හා පළාත් කාර්යාලවලට ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
දැනට ලැබී ඇති අයදුම්පත්වල අඩුපාඩු රැසක් තිබුණු බැවින්, ඒවා ආපසු හරවා යවා ඇතැයිද ඒ මහතා කීවේය.
COMMENTS