( +++ ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පත් කරනු ලැබ සිටින බව පොලිස් මූලස්ථානය කියයි.
මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා හෙට (31) විශ්‍රාම යෑමට නියමිතය.
නුවන් වෙදසිංහ මහතා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ද අම්පාර, මඩකළපුව, ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත.
ඔහු අද (30) නව ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රසිද්ධ කරන්න නරකයි. තාමත් පාඩම් ඉගනගෙන නැති පාටයි.