(පුෂ්පකුමාර ජයරත්න )
වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට සහ තවත් සිද්ධීන් කීපයකටම විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් අපේ ජනබල පක්ෂයේ මෙහෙයවීමෙන් අද (11) කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට දී පැවැත්විණි.
අපේ ජනබල පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතාගේ මෙහෙයවීමෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් හඬ නගා විරෝධතා පාඨ කියමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී.
සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සම්බන්ධ වඳසැත්කම් සිද්ධිය, රණවිරුවන් සිරගත කර සිටීම,වනාන්තර විනාශය, විශ්‍රාම වැටුප් විෂමතාවය ආදි කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.


COMMENTS
මෙහෙමත් නූගත් ගෝත්‍රික වහල්ලු තමයි මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ. සාෆි හරිද වැරදිද කියල අපි තාම දන්නෙ නෑ නැහැ.
අනේ මහත්තයෝ ඔය ප්‍රශ්නේ රහස් පොලිසිය සහ ඕකට පත්කළ කමිටුව තීරණය කරාවී මොනවද වෙලා තියෙන්නේ කියලා. කාලෙන් කාලෙට මොනවාහරි හෑල්ලක් උස්සගෙන ඇවිල්ල කෑ ගහනවා. හරියට සමහර වමේ පක්ෂ වගේ.. මුලින්ම තමන්ට කියලා රස්සාවක් කරන්න බලන්න. එ්කෙන් හම්බ කරන සල්ලිවලින් තමන්ගේ බිරිඳට, දුවට, පුතාට කන්න අඳින්න ඉගෙන ගන්න උදව කරන්න. නැතුව අනිත් අයගෙන් ලැබෙන සල්ලි වලින් යැපෙන්න එපා. බොරු චාටු කතා කියකියා. හෝ ගාලා සෙනගත් ඉන්නවා ..
පිට කොන්දක් නැති මිනිස්සු. මොකෙක්හරි දේශපාලුවෙක් කියන්න ඇති, ඉතින් කෑම පැකට් අරක්කු වලටයි ඇවිල්ල කෑ ගහනවා. ඉස්සරවෙලා බලන්න ඕන නඩුවෙන් මොකද වෙන්නේ කියල.
කොටි හමට තලන්න හරි දක්ෂ ජාතියක් අපි. හරි ආඩම්බරයි. ඉතින් අපිට කවදටද දියුණුවක් දකින්නේ?
හා කපුවත් ඇවිල්ල ..
ප්‍රියසාද් කපුමහත්තයා ඇවිල්ලා ඉන්නේ..
අර සහරාන්ලාට, හිස්බුල්ලාට වගේ මේ හාදයටත් සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ජනාධිපති වෙන්න දඟලන පිස්සෝ විතරක් නෙමේ... දැන් දහයක් දොලහක් හොයාගෙන අටවාගත්තු මේ වගේ පක්ෂත් වැහිවැහලා රටම වනසනවා. සමහරවිට මේ අය සහරාන්ලාගේම කණ්ඩායමක් වෙන්නත් පුළුවන්... මොකද බෝම්බ ගැහිල්ල යටයවන්න මේ කොහෙවත් හිටිය දොස්තර කෙනෙක් අල්ලන් දඟලන්නේ ඇයි කියලා පැහැදිලි සැකයක් තියෙනවා...
මෙවැනි විරෝධතා තිබිය යුතුමැයි. ජාතික අපරාධ කරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට තරම් අන්ධ කාන්තාව දෑස් වසා තරාදිය රැගෙන අබ්බගාතව සිටියි.
උද්ඝෝෂණ ....එය කාගෙත් අයිතිවාසිකමක් ප්‍රශ්නයක් නැහැ ජනබල පක්ෂය ...?...දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද්....පලමු වරට දන්නෙ එහෙම එකකුත් ...ඩෑන් ප්‍රියසාද් කුරුණෑගල ද????????.දන්නෙ නැති නිසා අහන්නෙ ..කුරුණෑගල මිනිස්සුන්ට අදාලයිනේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නමි.
ශූ ගාල සෙනග ඉන්නවා . මරුනේ
දැක්ක ගමන් හිතුනේ සිම් කාඩ් විකුණන සෙට් එකක් කියලා.... බලපුවහම මේ කට්ටියනේ