IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සහල් මිල පහත දමන්න විශේෂ වැඩපිළිවෙළක්

(රංජන් කස්තුරි)

සහල් මිල පහත දැමීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මහවැලි , කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන , අභ්‍යන්තර වෙළඳ කටයුතු ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට බාරදුන් බව කැබිනට් සහ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව රජය සතු වී තොග කුඩා මෝල් හිමියන් වෙත ලබාදීමට පියවර ගන්නා බවට චමල් රාජපක්ෂ මහතා අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

වෙළඳපොළේ කෘත්‍රිම සහල් හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතබන බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමැතිවරයා කීවේය.

 

 



අදහස් (7)

සහල් මිල පහත දමන්න විශේෂ වැඩපිළිවෙළක්

Sumith Wednesday, 27 November 2019 09:24 PM

මිල අඩුකරන්න. ජනතාව අසරණ වෙලා ඉන්නේ...

:       0       9

ajith Thursday, 28 November 2019 02:13 AM

පොළොන්නරුවේ මහසහල් ගබඩාවක පණුවන් සහිත දිරූ සහල් මිශ්‍ර කරපු සහල් වල නාමය ජනතාවගේ දැන ගැනීමට පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න.

:       0       28

sampathThursday, 28 November 2019 07:24 AM

එතකොට සිරාලගේ සහල් වලට මොකද වෙන්නේ...?

:       33       6

Mahee Thursday, 28 November 2019 02:44 AM

පාරිභෝගිකයන් විදිහට අපි කැමතියි සහල් මිල අඩුවෙන තරමට. හැබැයි ගොවියන් පාරට බහිනකොට තමයි ප්‍රශ්නේ... එහෙම පාරට බහින අය ගැන සහ එහෙම අයට කරන දේ ගැන හොඳ අත්දැකීම තියෙනවනේ, නේද?

:       8       30

ගම්මාන් pilaThursday, 28 November 2019 09:52 AM

ගොවීන්ගේ වී 80ට විතර අරගෙන හාල් 50ට දෙන්න බැරි මොකද?

:       0       0

upul Thursday, 28 November 2019 06:13 AM

පණුවොත් එක්ක හාල් දුන්නම මස්මාළු වලට වියදම් කරන්න ඕනෑ නැහැනේ. ප්‍රෝටීන් හාල් එක්කම දෙනවා. මරු වැඩපිළිවෙල... අන්න එහෙම තමයි ජීවන වියදම අඩු කරන්නේ. වියත් මගින් උපදෙස් අරන් තියෙන්නේ.

:       188       177

sharm warn Thursday, 28 November 2019 08:26 AM

හාල් මිල අඩු කරන එක වටිනවා. එතකොට පිටි කන එක අඩු කරවන්න පුළුවන් නිසා.. නමුත් එය වී ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි. අනවශ්‍ය ආනයන නවත්වන්න විශේෂයෙන් මෝටර් රථ ආනයනය... අපි දෙපැත්තකින් මුදල් පිටරටට යවනවා කාර් නිසා... වාහනයට එක රටකුත් ඉන්ධන සඳහා තව රටකුත් වශයෙන්.. ඒ ඉන්ධන වියදමෙන් භාගයක්ම නිකරුනේ මහමග පිච්චෙනවා තදබදය නිසා... ඒ වගේ අනවශ්‍ය සහ නිස්කාරණ වැයවීම් නවත්වන්න පුළුවන් නම් වී ගොවියන්ට සහනයක් දෙන්න රටේ මුදල් ඉතුරු වේවි..!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site