IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සහල් මෙට්‍රික්ටොන් 15000 ක් ඇනවුම් කරයි

(යොහාන් භාසුර)

සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බව කී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම්කිරීමට කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

සහල් ආනයනයට ද ඩොලර් ප්‍රශ්නය හරස්ව ඇති බවත් ඩොලර් බාධාවකින් තොරව නිකුත් කරන්නේ නම් දේශීය සහල් මිල දින කීපයකින් රුපියල් 50 කින් පමණ පහළ දැමිය හැකි බවත් ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය



අදහස් (16)

සහල් මෙට්‍රික්ටොන් 15000 ක් ඇනවුම් කරයි

ගජමිතුරු Thursday, 04 November 2021 03:32 PM

නිහාල් සෙනෙවිරත්න කියන්නෙ දේශීය හාල් රුපියල් පනහකින් මිල පහත දමන්න පුළුවන් කියලා එතකොට දේශීය ගොවීන්ට වෙන්නෙ මොකක්ද කෘෂිකර්ම ඇමතියෝ.ගොවීන් ගේ පවුල් අනාත වෙනවා නේද ඇත්තටම වෙළඳ ඇමතිවරයා චන්ද රැකගන්න හාල් මිල අඩුකරනවා ඇත්තටම වී ගොවිතැන කරන්න එපාද ගොවීන් දැන්වත් කරන්න ආයෙත් හාල් පිට රටින් ගේන තුරු දත නියවන්න වේද

:       1       0

මුදියන්සේ. Thursday, 04 November 2021 03:32 PM

සහල් සාධාරණ මිලට අලෙවි කළ හැකි නමුත් සහල් මාෆියා කාරයින් හිතු මතේ ඉහළ නංවා ඇත. මාෆියාව මෙල්ල කිරීමට සහල් ආනයනය කිරීම සුදුසු මුත් ආහාරයට ගත හැකි සහල් වර්ග ආනයනය කළ යුතුය.

:       0       1

අබිලින් Thursday, 04 November 2021 03:36 PM

මේ හදන්නෙ ලංකාවෙ වී ගොවිතැන විනාශ කරන්න' අනාවැකියක් කියන්නම් 2023 දී ලංකාවට සාගතයක් ඇතිවෙනවා නියතයි ඩිස්ලයික් නොදා සටහන් කර ගන්න

:       17       24

asankaThursday, 04 November 2021 03:51 PM

එතකොට මෝල් කාරයොයි, වෙලෙන්දොයි එකතුවෙලා හාල් මිල හිතුමතේට ඉහල දාල පාරිභෝගිකයා විනාශ කරාට කමක් නැද්ද?

:       8       23

BamunuarachchiThursday, 04 November 2021 06:55 PM

පිටරටින් හාල් එනවා නම් කොහෙද අබිලින් සාගත...? අබ්ලික් කතාමයි කියන්නේ අපිට මොල කාරයෝ රකින්න කිසිම වුවමනාවක් නැත. මුදේ මාළු නැතිවෙන්නේ නැහැ... ගස්වල පොල් නැතිවෙන්නේ නැහැ..

:       13       11

Ranjan Thursday, 04 November 2021 04:14 PM

අන්තිමට ටැක්ස් අඩුකරලා.., රජයට ආදායමත් නැති වෙලා මෝල් කාරයෝයි, ආනයනකාරයෝයි එකතුවෙලා ආණ්ඩුව වැටෙනකල් සහල් මිල වැඩිකරයි...

:       1       15

fairoos Thursday, 04 November 2021 04:18 PM

සීනිවලට වුණු දේ තමයි දැන් හාල්වලටත් වෙන්නේ... අනේ නන්දසේන මේ කරුමේ කවදා ඉවර වෙයිද?

:       3       20

BamunuarachchiThursday, 04 November 2021 07:08 PM

ඇයි සීනි වලට මොකද වුණේ? පැණිරස අඩු වුණාද? පාස්පෝට් හදාගත්තා කිව්වා නේද? අනේ යන්නකෝ ඒ කරුමේ කවදා ඉවර වේවිද මන්දා...?

:       23       4

sharm warnFriday, 05 November 2021 10:37 AM

බමුණු ඔයා කන්නේ මොනාද.? එකයි ඔයාට සිනි වලට හාල් වලට මොනවා උනත් අවුලක් නැත්තේ.

:       0       6

චමින්ද Friday, 05 November 2021 12:09 PM

බමුණාට ගෙනා කෑම නැවට ඒවා ගොඩබාන්න තවමත් අවසර දීලා නැහැ.. නැව තවමත් හැංගි හැංගි මුහුදේමයි. එහි තියෙන්නේ මොනවද කියලා බමුණු අහලා ඇති නේද? ගොඩබෑවොත් උන්දැට නම් ආහාර හිඟ නැතිවේවි. අපිට තමයි ඒවා කන්න බැරි?

:       0       1

Tharanga Thursday, 04 November 2021 05:32 PM

අබිලින් ගොයියෝ... 2023 වෙනකම් ලංකාවේ මිනිස්සු ජීවත් වුණොත් හොඳයි... මම නම් කියන්නේ මේ ආණ්ඩුවට කඩේ යන හැමෝටම හෙණ ගහන්න ඕනෑ...

:       3       14

BamunuarachchiThursday, 04 November 2021 06:58 PM

මල් තියලා වැඳපල්ලා... යහපාලකයෝ හිටියා නම් මෙලහකට මමත් මිනී පෙට්ටි කඩයක් පටන් අරන්...

:       19       3

dumindaFriday, 05 November 2021 11:25 AM

මිනී පෙට්ටියක් ගන්නවත් සල්ලි නැතිවෙයි වගේ... නන්දසේන කියන්නේ තනිකර වස් කවියක්... ඇයි මොන අතකින්වත් ගැලවෙන්න බැහැ..

:       0       1

Lalith M Thursday, 04 November 2021 07:34 PM

තවතව ඇමරිකානු පුරවැසියන් 2023 වෙනකොට ලංකාවේ විදේශ රැකියා කොන්ත්‍රාත්තුව ඉවර කර මව්රටට ආපසු යයි. ඉතිරිවෙන කටුකන බලුකුක්කන්ට ඉතින් යමයගේ පිහිට පතමු...

:       3       14

Naushi Friday, 05 November 2021 08:14 AM

සහල් රටින් ගෙන්වන කෙනා ගැන මහින්දානන්ද ඇමති තුමා දන්නේ නැතුව ඇති. දන්නවානම් සහල් ඇටයක් පිටරටින් ගේන්ඩ අනුමත කරන්නේ නැතිවෙයි අම්මපා

:       0       3

Hafeel Friday, 05 November 2021 08:24 AM

ගොවීන්ගේ අවාසනාවට අද මහින්දානන්ද කෘෂිකර්ම ඇමති දුරයේ නැහැ. අද ඔහු කෘෂිකර්ම ඇමති දුරය දරනවා නම්, හාල් ඇටයක්වත් මේ රටට ගෙන්න දෙන්න නැහැ. ඔහු කිව්වොත් කිව්වාමයි. ආයිත් වචන දෙකක් නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site