
(ඉන්දිකා රාමනායක)
කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්නයේ ඇලකට ගුවන් හමුදාවට අයත් පී ටී -6 නැමැති සැහැල්ලු ගුවන් යානය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ නියමයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදාව පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචි කේ. ආර්. එස්. අමරකෝන් නැමැති පුහුණු කෙඩෙට් නිලධාරියෙකු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
අනතුරෙන් යානයේ සිරවී සිටි මෙම ගුවන් නියමුවා මහත් පරිශ්‍රමයක් යොදා ඉවතට ගෙන ගුවන් මගීන් මගින් ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන යන අතරතුර මියගොස් සිටි බව ගුවන් හමුදාව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම ගුවන් නියමුවා 2019 ජනවාරි මස කැඩෙට් නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට එක්ව ඇති අතර ජුලි සිට චීන වරාය විද්‍යාපීඨයේ පියාසර පුහුණුව ආරම්භ කර නිලධාරියෙකු බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිදුවීමෙන් මහජනයාට හෝ දේපළකට හානියක් සිදු නොවුණ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.