
(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය ..
දැනට විනාඩි 45 ක කාලෙක සිට මෙම ගුවන් යානය පාලක මැදිරියෙන් ගිලිහී ගොස් ඇති බවත් එවකට එය තිබී ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයකට කඩා වැදී ඇති බවත් ගුවන් නියමුවා ගුවන් යානය තුළම සිර වී සිටින බවද පොලිසිය කියයි .
එනම් ඒ වන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව යානයේ සිර වී සිටි ගුවන් නියමුවා ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවද පොලිසිය සඳහන් කරයි .
යානය තුළ සිරවී සිටි ගුවන් නියමුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඔහුගේ සිරුර මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඡායාරූප - අමදෝරු අමරජිව සහ නවරත්න ගමගේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ නියමුවෙක්. ගුවන්යානය ක්‍රියා විරහිත වූ පසු ජනරංජන වැවට ගොඩබා ගැනීමට උත්සාහ කල බවට සිතිය හැකියි.
චීන වරාය හමුදා කඳවුරෙන්...
මෙක සෙල්ලම් ගුවන් යානයක් වගේම ගුවන් යානය දැකලා ලෝකයේ අනික් රටවල් බලාගෙන ඉන්නවා. තවමත් දියුණු වන රටක්ලු...
99.99% ගුවන් නියමුවන් එහෙමයි. තමන්ගේ ජීවිතයට වඩා කඩාවැටීමකදී පහල සිටින පිරිසගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නෙ. ගුවන්හමුදා නිලධාරියෙක් මගී ගුවන් යානා නියමුවෙක්ට වඩා ඒ හැගිම ඉහලයි කියල මම හිතන්නෙ මන්ද? මගියන්ගේ වගකීමක් මෙවැනි අවස්තාවලදී නැති නිසා. ඔබට නිවන් සුව
මීට කලින් ඔය වර්ගයේ එකක් හපුතලේ කන්දක් උඩට කඩා වැටුණා නේද?
ඔය පරන ලදරන් ටික තියෙන්න ඕනෙ කටු ගේක. ඕව 2ලෝක යුද්ධයට ඉස්සෙල්ලා හදපුවා. ඕව කඩාවැටෙනකල් දුවනවා. ඕකෙන් නැතිවෙන්නෙ රටේ වටින සම්පත්. රටේ පාලකයන්ට කිසිම ගානක් නෑ ඕව ගැන උන්ට v8 එකක් ගත්තහම ඔක්කෝම හරි කියල හිතන්නෙ උන්ටම කත් අදින නිලධාරින් ටිකකුත් උන්ටම හරියන්න ඉන්නවා . කිසිම වැඩපිළිවෙළක් නෑ. කයිවාරු විතරයි .
දන්න කෙනෙක් කියන්න මෙක අවුරුදු කීයක් පරණ ඇද්ද?
ඇයි සල්ලි සල්ලි කියල බලන්නැතුව අලුත් එකක් අරන් දෙන්න නේද හදන්නේ ? මම දන්නවනේ ඔයාගේ හැටි. යකා කියල නම තිබුනට නමට යටින් හැංගිලා ඉන්නේ බබෙක් නේද ? පොඩි එවුන් ඔය වගේ විහිලු කරන එක සාමාන්‍ය දෙයක්. වැඩිහිටියෝ විදිහට යකා බබා කියන දේවල් අපිට තේරෙනවා.