IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘

(චමිල් රූපසිංහ)

පාස්කු ප්‍රහාරයට අදාළව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කර පෙන්වමින් තම දේශපාලන දිවිය විනාශ කිරීමට පිරිසක් උත්සහ කරන බවත් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක් කරන බවත් රවුෆ් හකීම් මහතා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හමුවී අද (22) පැවසීය.

ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමට තීරණය කිරීමත් සමඟ සහරාන් සමඟ සම්බන්ධකම් ඇති බවට මතු කර පෙන්වන බව  මල්වතු මහ විහාරයට පැමිණ රවුෆ් හකීම් මහතා අද (22) පස්වරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක පැවසීය.

තමන් කිසිඳු ලෙසකින් සහරාන් සමඟ ආශ්‍රයක් නොතිබුණු බවත් 2015 මැතිවරණයෙන් පසු කාත්තන්කුඩියේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා තුවාල ලැබූවන් හා හානිවූ දේපොළ පිළිබඳ සොයා බැලීමට තමන් එහි ගිය අවස්ථාවේ ලබාගත් ඡායාරූප වලට වැරදි අර්ථ කතනයක් ලබා දෙමින් පිරිසක් දේශපාලන වාසි ගැනීම පිණිස තමන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවත්  මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දැනුවත් කරනු ලැබීය.

රෝහලට  ගිය අවස්ථාවේ තුවාලකරුවන් අතර මෙම පුද්ගලයාද සිට ඇති බවත් තමන් ඔහු කවුද කියා දැන නොසිටි බවත් වසර 25 ක දේශපාලන දිවිය තුළ තමන් සෑම විටම අන්තවාදය ප්‍රතික්ෂේප කළ බවත් අද මෙම කුමන්ත්‍රණය දියත් කරන අයගේ පහත් වුවමනාවන් කිසිසේත් ඉටු නොවන බවත් රාවුෆ් හකිම් මහතා කීය.

තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත්  කිරීමෙන් ජනතාව ඇත්ත දැන ගන්නේ යැයි මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

 

 



අදහස් (0)

‘‘සහරාන් හා නොමැති සම්බන්ධකම් මතු කිරීමට පිරිසක් උත්සහ කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site