IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


‘සහරාන් රටට ලොකු කරදරකාරයකු වන බව දැන සිටියා’

(සුජිත් හේවාජුලිගේ)

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් අද (4)පැවැසීය.

සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 දී අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට  කටයුතු කළේ ඒ නිසා යැයි කී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා අත්අඩංගුවට පත්වීමෙන් ඒ සියලු සැලසුම් අඩපණ වූ බවද ප්‍රකාශ කළේය.

තමාගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නම් පාස්කු ප්‍රහාරයක් ඇති නොවීමට හෝ අවම වීමට හෝ ඉඩ තිබූ බවද හෙතම පැවැසීය.

අසනීප තත්ත්වයේ පසුවන නාලක සිල්වා මහතා අද විශේෂ කාරක සභාව හමුවට පැමිණියේ රෝද පුටුවක ආධාරයෙනි.

කමිටුව ඔහුගෙන් පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කළේය. ඔහුගෙන් ඇතැම් තොරතුරු ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් රැස්වීම්ශාලාවෙන් පිටත් කෙරිණි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (12)

‘සහරාන් රටට ලොකු කරදරකාරයකු වන බව දැන සිටියා’

Jaya Wednesday, 05 June 2019 12:58 AM

ලකුණු දාගන්න තියන වෙලාවේ පුළුවන් තරම් ලකුණු දාගන්න මහත්තයෝ.

:       1       336

ගලකටස් Wednesday, 05 June 2019 01:31 AM

මෙයත් සරත් පොන්සෙකා මහත්මයා වගෙ හිතන් ඉන්නෙ. එයා හිතන් ඉන්නෙ හමුදාවට එයා හැර හොද නායකයෙක් වෙන නැහැ කියලා මෙයා හිතන් ඉන්නෙ බුද්ධි අංශයෙ වැඩ මෙයාට හැර අනිත් අය ට බැහැ කියලා. වරද කෙලින් තීරණ ගන්නැති කපටි මැති අුුැමතිලා සහ නායකයන් නිසයි. දකෂයන් ගෙන් වැඩ ගන්න පුලුවන් බුද්ධිමත් නායකත්වයක් අවශ්‍යයි. එදා යුධ ජයගුුහණය කලෙ එවන් නායකයෙක් හිටිය නිසායි. දක්ෂයෙක් වුවත් වැඩ කරන්න දෙන්නැත්නම් කල හැකි දෙ කුමක්ද...?

:       776       747

Ajith NissankaWednesday, 05 June 2019 04:53 PM

සරත් ෆොන්සේකා මහත්මයා විතරක් නොවේ බොහෝ දෙනා හිතන්නේ, ඉන්නේ හමුදාවට එයා හැර හොඳ නායකයෙක් හිටියේ නැහැ කියල තමයි..! ඒක ඔප්පුකරලා තියෙද්දී තව මොන කතාද?

:       14       16

Raveendra Wednesday, 05 June 2019 02:20 AM

කෙරුවොත් බොරුව හිතට විරුද්ධව ...// කන්නට වෙන්නේ තොග වශයෙන් සැමට..// තනතුර තානාන්තර කුමක් උවත් අපගේ..// රට ගැන සිත කලයුතු නොවේද සැමදේ..//

:       1       86

Raveendra Wednesday, 05 June 2019 02:50 AM

දැක්කේ උසාවියෙන් එලියට එනවිට මේ ගොයියා ...// පෙනුනේ අන්තිම අසාද්‍ය රෝගියෙකු ලෙසනේ..// ගොඩ වෙනවිට කාර් එකට ඔක්කොම ලිහා දමා ..// සිංහයා වෙන්න රැගුවත් දුටුවේ කහ ගැරඩියෙකී..//

:       4       150

කසුන්Wednesday, 05 June 2019 10:38 AM

ඒ කරපු දේට මිනිස්සු හොඳටම බැන්න නිසා තමයි අපිව අන්දන්න හිතාගෙන ආයෙත් ඔහොම ඇවිත් තියෙන්නේ.

:       2       87

Raveendra Wednesday, 05 June 2019 03:12 AM

උසාවියෙන් එලියට එනවිට " අසුහාරදාහේ ලෙඩ ගොන්නක් " ( මේ දැන් පණනල යයි වගේ රැගීම ) ...... එවෙලෙහි රථයට නගින විටි සියලුම වෙළුම් ගලවමින් රථයට ගොඩවෙන දර්ශනය දැකීමෙන් සියලුම අවංක ලාංකිකයන්ට ඇති උනේ "මොනතරම් බොරු කරන රාජ්‍ය සේවයක්ද" අප රටේ තිබෙන්නේ කියා.. එසේ සිංහයකු සේසියලු වෙළුම් ගලවා රථයට නැගීමට උත්සහ කරනවිට අප දුටුවේ සිංහයකු නොව " දියබරියෙකු " ලෙසය. ලැජ්ජයි ෆිට්නස් නැති ආරක්ෂක නිලධාරීන් නඩත්තු කිරීමට අහිංසක මහජනතාව බදු ගෙවමින් පව් ගෙවනවා.... කාරුණිකව මෙම අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනීමට උත්සහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. රිලව් 225 ටම මෙය කියවීමට හැකි වේවා !!!!!!

:       2       279

anura Wednesday, 05 June 2019 04:16 AM

මොවුන්ට වඩා මේ රටට ලොකු කරදරයක් වන කරදර කාරයන් ගොඩක් ඉන්නවා. ඒක නිසා ඔවුන් සියල්ල ගාල් කරමු.

:       43       105

kaseera Wednesday, 05 June 2019 04:31 AM

දැන් ඔයා එතකොට බබා? ඇප අරන් එළියට යද්දී හොඳ වෙච්ච බෙල්ල ආයේත් පටියකින් වහගෙන එනවා. මිනිස්සු අන්දන එකේ සීමාවක් තියෙනවා. ලෝකෙට විහිළු කතා සපයන්න එපා.

:       799       1075

Chamith Wednesday, 05 June 2019 06:23 AM

අධිකරණ වරෙන්තුව ලබා ගෙන මාස ගනකට පස්සෙ තමා මෙයාව අත්අඩංගුවට ගත්තේ. එතකන් මෙයා පොල් ගැවද? මේ ඔක්කොම මෙකට වගකියන්න ඔනේ. ඔය එකෙක්වත් මෙකෙන් වරදකරුවන් වෙන්නෙනෑ... මොකෙක් හරි පොඩි එකෙක් මෙකට පටවලා, ඔක්කොම බේරෙනවා.

:       264       753

Chanak los angeles Thursday, 06 June 2019 01:58 AM

රටට ලොකුම කරදරේ යහපාලනයයි.. වෙන කව්රුවත්ම නොවෙයි ..

:       0       1

Dharmasena Friday, 07 June 2019 06:47 AM

මෙතන විවේචනය කරන මහත්තුරු ටික රටට කරපු සේවය ගැන දැනගන්න හරිම කැමති. අඩුමගානේ මේ මිනිහ රටට සේවයක් කරලා තියෙනවා ඔහුගේ බෙල්ලේ අමාරුව ගැන හිතන්නේ නැතුව මිනිහ කරපු වැඩ කොටස අගය කරන්න. යුද්ධෙන් රට බේරාගන්න නිහඩ සේවයක් කළ පුද්ගලයෙක් තමයි මේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26392 28

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18160 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10867 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 612 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 178 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site