IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සහරාන්ගේ සහෝදරයන්ගේ සිරුරු නැවත හෙට ගොඩගනී

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර සයින්දමර්දු ගම්මානයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය සහාරන්ගේ සහෝදරයින්ගේ සිරුරු හෙට(07) අම්පාර පොදු සුසාන භුමියේදී නැවත ගොඩ ගැනීමට නියමිතව තිබේ.
 
අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබිණි. ඉන් සාම්පල් හතරක් නරක් වී තිබීම නිසා සිරුරු ගොඩ ගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
බෝම්බකරුවන්ගේ මළසිරුරු ගොඩගැනීම සඳහා කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ඇති අතර, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙට එය සිදුකිරීමට නියමිතය.
 
අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී රුචිර නදීර මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම සාම්පල් ගැනීම සිදුකරන බව අම්පාර මහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රමේශ්  නානායක්කාර මහතා පැවසීය.



අදහස් (0)

සහරාන්ගේ සහෝදරයන්ගේ සිරුරු නැවත හෙට ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site