(පැතුම් දර්ශන)
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.
තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැළකෙන සහරාන් හසීම් නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු නිදහස් කර ගැනීම සඳහා මෙලෙස අල්ලස් දීමට යාමේ දී මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සිපාන් නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
අල්ලස් දීමට තැත්කර ඇත්තේ තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට හොරොව්පොතාන පොලිසිය විසින් හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදීම ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අබ්දුල් මජීඞ් මොහොමඩ් නියාස් නමැති සැකකරුගේ සමීපතම ඥාතියෙකි.
2016 වසරේ සිට සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවටත් මුදල් ගනුදෙනු සිදු කළ බවටත් සැකපිට හොරොව්පොතාන පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඉකුත් 28 වනදා කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එහිදී ලබන 14 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම සැකකරු නිදහස් කර ගැනීම සඳහා ස්ථානාධිපතිවරයාට පොරොන්දු ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකහමාරක් දීමට සැකකරුගේ ඥාතී පුත්‍රයකු උත්සාහ කළ අවස්ථාවේදී එම තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අල්ලස් දීමේ උත්සාහය සම්බන්ධ සියලු තොරතුරු අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන්ට දන්වා මෙම වැටලීමට පූර්ණ සහාය දී ඇත්තේ හොරොව්පොතාන පොලිසියයි.
අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (8)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවංක නිලදරුවාට අප හදවතින්ම අපගේ ප්‍රනාමය පුදකරන්නෙමු. " නිල ඇදුම ඇගේ ඔතාගෙන සිටින හිවලුන් ගෙන් ගහන පරිසරයක " ඔබ වැන්නන් සිටින බව දාන ගැනීමත් සතුටකි. ඔබට ජයෙන් ජයම වේවා !!! ලංකා මාතාව ඔබ වැන්නන් ආරක්ෂා කරනු ඇත.
හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අපේ උපහාරය. නිකමට හිතෙනවා අර වැල්ලම්පිටියේ පොලීසිය ඕනකමින්ම අර ත්‍රස්තවාදීයගේ කම්හලේ අයට ඇප ලැබෙන විදියට කේස් එක ෆයිල් කරාද කියලා සල්ලි අරගෙන ? පොඩ්ඩක් හොයලා බලන්න. ගිනුම් සහ සිසිටිවි පරීක්ෂා කරා නම් ඇත්ත නැත්ත හොයාගන්න බැරි වෙන එකක් නෑනේද.
මේවා තමයි අගයන්න ඕනේ. අර කස්ටම් එකේ ඉන්න අය අල්ලස් අරගෙන මෙයාලගේ බඩු එලියට දැම්මේ නැතිනම් ...........
මරාගෙන මැරෙන කෙනෙක් වෙන්න පුළුවන් ,
මුදලට යට නොවී ජාතික මෙහෙයක් කළ ගරු පොලිස් ස්ථනාධිපති තුමාට ජාතියේ ප්‍රණාමය !! ත්‍රස්තවාදීන් නිදහස් කරගන්න දඟළ නිදහස් කරන යම් තැනැත්තෙක් වෙද්ද ඔවුන් යටවන්නේ මුදලට විය හැකිය. පාලකයා යටවී ඇත්තේ ඡන්ද ටිකටය.එය රටට මහත් ව්‍යසනයකි.
මුදලට රට ජාතිය පාවා නොදී අවංකව රාජකාරි කරන මෙවන් නිලධාරීන් රටටම ආදර්ශයකි. පොලිස්පති තුමාගේ අවධානයට යොමු විය යුතුය.
මෙම පොලිස් ස්ථානාධිපති තුමාට ජාතියේ ප්‍රණාමය !!! ලක්ෂ පහේ එම මුදල මෙතුමාට පරිත්‍යාග කළා නම් ඉතා අගනේය.එමෙන්ම අල්ලස් දෙන්නා දෙන අල්ලස් මුදලද එය අල්ලාදෙන නිලධාරියාට ලබාදීමට මින් ඉදිරියට හෝ කටයුතු කරන්නේ නම්,එය පැසසිය යුත්තකි.
සිංහල ව්‍යාපාරිකයන්ට විශාල දඩ ගහල ඔවුන්ගේ ව්‍යාපාර නැති භංග කරනවා. එත් මුස්ලිම් ව්‍යාපාරිකයෝ මේ අයට කෝටි ගනම් හොර සල්ලි දීල බඩු හොරෙන් පන්නගෙන ඒ ව්‍යාපාර මහා පරිමාණයෙන් කරගෙන යනවා. මේක මුළු රටම දන්නා රහසක්.
කැට තියල කියන්නම්, අල්ලස් දීල රිමාන්ඩ් උන කෙනාට කලින් සහරන්ගේ යාලුවෝ ඇප පිට නිදහස් වෙනවා.
පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය. ඔබ ඉටු කලේ ජාතික වගකීමකි.
අර නව දෙනෙක් ඇප ගත්තේ මේ ක්‍රමේට වෙන්න බැරිද?
මෙහෙම සල්ලි අරගෙන කරන්න වෙන්නේ මිනීපෙට්ටියට අත්තිකාරම් බඳින්න තමයි.
අනිවාර්යයෙන්ම රේගු නිලධාරීන් මේ හැම දෙයකටම සම්බන්ධයි. මිලියන ගණන් මහා පරිමාණයෙන් පගාව අරගෙන මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හොරබඩු පාස් කරන රේගු නිලධාරීන් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම අවංක නිලධාරීන් ටික දෙනෙකුත් ඉන්නවා. රේගු නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව විමර්ශනයක් කළහොත් කාටත් පෙනෙයි කොහොමද? මේ අය මෙච්චර ධනයක් රැස් කලේ කියලා..
රේගුව හරියට වැඩ කරනවා නම් මේ රටේ 99% ක් සුද්දයි.