පැතුම් දර්ශන
සහරාන් හසීම් හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් හොරොව්පොතාන පත්තෑව සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවල තව්හීත් ජමාත් පල්ලි ඉදිකිරීම සඳහා මුදල් ලබාදුන් ඉදිකිරීම් ඉංජිනේරුවරයකු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය කියයි.
සහරාන් හසීම් සහ තව්හීත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට මීට පෙර හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු මත හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයට ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 51/බී.කවුඩාන පාර දෙහිවල ලිපිනයෙන් පදිංචි මොහොමඩ් සහිම් නසුර්දින් (53) නමැති සැකකරුවෙකුය.
මොහු වසර දහයකට වැඩි කාලයක් සෞදි අරාබි රටේ ඉදිකිරීම් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කර පසුව ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
සහරාන් හසීම් ගෙ හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ බාර නායකයා ලෙස හඳුනාගෙන ඇති දැනට විදේශ ගතව සිටින අබු බකර් නැමැත්තා සමඟ ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පල්ලි ඉදිකිරීම සඳහා මෙතරම් විශාල මුදලක් සැකකරුට ලැබුණේ කෙසේ ද එම මුදල් බෙදාහැරීම සිදු කළේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමෙන් තාවකාලික විධිවිධාන පනත යටතේ පොලිසියට ලැබී ඇති බලතල අනුව පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහරාන්ගේ පල්ලි හැදු ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට
Amila Sunday, 02 June 2019 08:01 AM
සෞදි වගේ රටවලට යවන එක ක්‍රමානුකූලව නවත්වන්න ඕනෑ. අනික එහෙන් කොන්ත්‍රාත් ඉවර වෙලා එන අයව පුනරුත්ථාපනය වගේදෙයක් කරලා තමයි රටට ගන්න ඕනෑ. නැත්තම් අහිංසකයින් වගේ යන මිනිස්සු මෙහේ එන්නේ පිස්සන් වෙලා...
raajunMonday, 03 June 2019 06:34 AM
ඇත්තම කියනවනම් මේ අය පුනරුත්ථාපනය කරන එක බොරුවක්