ඉකුත් සිකුරාදා (26) ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුව අතරවාරයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය 16 දෙනා අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමේ මහ මොළකරු සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම්ගේ සහෝදරයන් දෙදෙනා සහ පියා ද සිටින බව රොයිටර්ස් පුවත් සේවය අද (28) වාර්තා කළේය.
සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන වීඩියෝවක සයිනි හෂීම්, රිල්වාන් හෂීම් සහ ඔවුන්ගේ පියා වන මොහොමඞ් හෂීම් දක්නට ඇතැයි ද ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයින්ට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරන බව ද එම වීඩියෝවේ දැක්වෙන්නේ යැයි ද රොයිටර්ස් වාර්තාවේ දැක්වේ.
ආරක්ෂක අංශ සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් හෂීම් සහෝදරයන් සහ ඔවුන්ගේ පියා ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිස් ආරංචි මාර්ග 4ක් සිය මූලාශ්‍ර බවට පත්කරමින් රොයිටර්ස් පුවත් සේවය එම පුවත පළ කර ඇත.
රොයිටර් ඇසුරිනි
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd