
(වසන්ත චන්ද්‍රපාල)
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.
මෙම දෙදෙනා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගන්නා ලදී.
මොහමදු සාහීර් මුහම්මදු අහ්සන් යන අය එක් සැකකරුවෙක් වෙන අතර ඔහු මුරුතගහමුල ගෙලිඔය නුවර පදිංචිකරුවෙකි.
මොහු සහරාන් විසින් නුවරඑළිය පැවැත්වූ පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු අමාරා යන අනුවර්ථ නාමය දී තිබේ.
මොහොමඩ් අවුතාන් අනිස් මොහොමඩ් යන අනෙත් සැකකරු ගාල්ල පදිංචිකරුවෙකි.
මොහු ද සහාරන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු සුබේහිර් යන නාමය ඔහුට ලබාදී තිබේ.
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ගේ තොරතුරු අනුව මේ වන විට 15 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
ඇයි මේ අය අත්අඩංගුවට ගන්නේ? අපරාදෙ බුද්ධි අයගේ කාලය..
අැයි තවම ඉවර නැද්ද? ඕකුන් දවසකට දෙන්නා ගානේ අල්ලන්නේ... ඉවරයි කියලා දඟලන්නේ කට්ටිය..
මොවුන්ගේ මුහුණු වහගන්න ඉඩ දෙන්න එපා. මුළු රටටම පෙන්නන්න. මොන ක්‍රමයකින් හරි එළියට ආවත් හැමදෙනාම දන්නා නිසා මුන්ගෙන් ආරක්ෂා වෙන්න ජාති කුල බේදයකින් තොරව හැකිවේවි...
අහවල් එකටද බොලව් මුහුණවල් වහගන්නේ...? සහරාන් කියලා දුන්නේ නැද්ද එඩිතරකම කියන්නේ මොකක්ද කියලා? ගිහින් අපේ හමුදාවේ කොල්ලන්ගෙන් ඉගෙන ගන්න.. එඩිතරකම කියන්නේ මොකක්ද කියලා.. නිකන් තරුණ ජීවිත කාලකන්නි කර ගන්නවා නොදන්නා මගුල් වලට ගිහින්..
සියලු දෙනාටම මරණිය දණ්ඩනය දිය යුතුයි. කවදාහරි මේ අය නිදහස් කළොත් මුන් තමයි ලංකාවේ ISISලා වෙන්නේ...
බොරුවට අහිංසක මුස්ලිම් ජනතාව අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. සජිත් සහ රනිල් මැතිතුමන්ලා දන්නවා අපි වැරදි නැහැ කියලා... එයාලා ඉන්නකම් අපි බය නැහැ.
ඇයි මල්ලි මුහුණ වහගෙන යන්නේ? තව කාගෙන් හැංගෙන්නද හිතාගෙන ඉන්නේ? සහරාන්ගේ පස්සෙන් යනකොට තේරුනේ නැද්ද යන්නේ ස්වර්ගෙට නෙමේ අපායට කියලා?