(වසන්ත චන්ද්‍රපාල)
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණූ තොරතුරු මත තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.
මොහොමඩ් රෆයිඩීන් මොහොමඩ් අලී නැමැති මෙම සැකකරුවන් වටදෙණිය වෙළංබඩ ගම්පොළ පදිංචි පුද්ගලයෙකි.
සහරාන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු ඉක්‍රිමා යන නාමය ඔහුට ලබාදී තිබේ.
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වනවිට 16 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
තව ඉවර නැද්ද ...? එහෙනම් දැන් ඉවරයි කියලා බෙරිහන් දෙන්නේ..
සහරාන්ට පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න අවශ්‍ය ආධාර අනුබල සහ පහසුකම් සැපයු අය පිළිබද ක්‍රියා කරන බවක් අපිට දකින්න නැහැ නේද ? . ඔක්කොම අල්ලන්නේ යට ඉන්න සහ සිටිය පිරිස.
ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මුහුණු ආවරණය කරගෙන යන්න ඉඩදෙන්න එපා. මුහුණු පැහැදිලි ලෙස පෙන්වන්න . මෙයින් සියලු ජන කොටස්වලට මොවුන් හඳුනාගෙන පොදුවේ තම තමන්ගේද, රටේද ආරක්ෂාව සලසා ගත හැකි වේවි. මොවුන්ට පොදුවේ හෝ තනි තනිවම ත්‍රස්ත ක්‍රියා කිරීමට හෝ අනිකුත් අයවලුන් හට හිංසා පීඩා කිරීම අපහසු වේ.