
(වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලිසිය අද(27) අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලය ලද තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනා නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් තහවුරු කරගෙන ඇත.
මුහම්මදු රයිසුද්දීන් අබ්දුර් රහාමාන් එක් සැකකරුවෙකු වන අතර ඔහු වත්තේගෙදර පොල්ගොල්ල පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයා සහාරන් පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහභාගී වී ඇති අතර පුහුණුවෙන් පසු අබු අනස් යන අනුවර්ථ නාමය ලබා ඇත.
අනෙක් සැකකරු වන සෙයිනුල් ආබ්දීන් හප්සල් නමැත්තා කෝන්දෙණිය ගොඩ මාවනැල්ල පදිංචිකරුවෙකි. සහාරාන් විසින් පැවැත්වු හම්බන්තොට කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු රාවා නැමැති අනුවර්ථ නාමය ලබා තිබේ.
අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වෙනවිට 17 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉන්වද .....?
ත්‍රස්තවාදී පුහුණුව ලැබූ ත්‍රස්තයන් මාංචු නොදා අත්අඩංගුවට ගන්නා ලෝකෙන් එකම රට ලංකාව වීම ආඩම්බරයක්!
සීයට අනු නවයක් ඉවරකලා කියලා අපේ අගමැතිතුමා ප්‍රහාරයෙන් මාසෙකට පස්සේ වගේ කීවා මට මතකයි. ඒ වුනාට තාමත් කට්ටිය මාට්ටු වෙනවනේ අප්පා.
මුණ පෙන්නන්න ඕන ලෝකෙටම.
පොඩි දේකටත් අපිට ගහන්න එන පොලිස්. ගරුසරු ඇතුව ත්‍රස්තයන් අරන් යනවා.
අගමැති මෙයාලව සතියෙන් නිදහස් කරයි..