IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සිංහරාජ පාරවල් කපන්නේ ලෝක බැංකුවේ උවමනාවට

විනීතා එම් ගමගේ

         

සිංහරාජ  වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා මේ වනවිට දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතිතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි. 

මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.

මේ වනවිටත් සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා යැයි පවසමින් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් යොදාගෙන පමණක් යැයි ද උන්වහන්සේ පැවැසුහ.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පූර්ණ අනු දැනුම මත ඉදිවෙමින් පවතින  බව කියන මෙම මාර්ග පද්ධතියෙන් සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් ජනාධිපති අගමැති වන සංරක්ෂක ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ කීහ.

2011 සිට 2030 දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් මාර්ග ඉදිවන බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පැවැසූහ.

මෙසේ සංවේදී පරිසර පද්ධතියක් තුළ කිසිදු සොයා බැලීමකින් තොරව මාර්ග ඉදිකිරීම හේතුවෙන් එහි ශාක හා සත්ව ප‍්‍රජාව හානියට පත්විය  හැකි බවත් විශේෂයෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින විශේෂයන් අවසන්  වී යාමට පවා ඉඩ ඇතැයි රාහුල හිමියෝ කීහ.

රාහුල හිමියෝ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

 



අදහස් (5)

සිංහරාජ පාරවල් කපන්නේ ලෝක බැංකුවේ උවමනාවට

Raveendra Tuesday, 08 January 2019 11:55 AM

අවසරයි අපේ හාමුදුරුවනේ...!!! මේ සඳහා අනිවාර්යයෙන්ම කාලකන්නි NGO නඩයක් සම්බන්ධ වෙලා ඇති කියලා අපට සැක සිතෙනවා.

:       0       0

Nuwan Tuesday, 08 January 2019 12:18 PM

විල්පත්තුවට යන්න කෙටි මාර්ගයක් හදනවා ඇති!

:       0       0

දිලුම් Wednesday, 09 January 2019 04:04 AM

දේශපාලකයින්ට ඕන ගස්ටික කපල සල්ලි ටික පොතේ දාගන්න මිසක් සිංහරාජෙ රකින්න නෙමෙයි. මේවට සැලසුම් හදන අයටත් එක්ක මේවා පල දෙනවා. මෙවගේ ාජතික සම්පතක් හැදෙන්න මොනතරම් කාලයක් යනවද ඒක මෙහොතෙන් ඒක විනාශ කරනවා කිසිම දුකක් නැතිව.

:       0       65

Upali Wednesday, 09 January 2019 07:57 AM

හාමුදුරුවනේ අපිට විදේශ ණය ලබාදීමට ඇති එක කොන්දේසියක් තමයි ඕක..මෑතකදී ප්‍රධාන නගරවල විශාල ගස් කැපුවේ ඔය ව්‍යාපෘතියේම කොටසක් ලෙසයි..ඔවුන් කැමති නැහැ අපේ රටේ ගස් තියෙනවට..ස්වභාවික සම්පත් විනාශ කිරීම ඔව්න්ගේ අරමුණයි..ඒ සඳහා පවතින රජය සැදී පැහැදී සිටිනවා...

:       1       16

Bandula. Wednesday, 09 January 2019 10:19 AM

පරිසරය නෙමෙයි, සල්ලි ලැබෙනවා නම් අම්මව වුනත් විකුණගෙන කන ඉන්න අපේ රටේ පාලකයින් නිදිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site