(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවු "තෝර්" නමැති සිංහයාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීමට එහි බලධාරීන් තීරණය කර ඇත .

තවදුරටත් ප්‍රතිකාර ලබා දීමට සිදුවී ඇත්තේ සිංහයාගේ පෙනහැල්ලේ සෙම තත්වයක් වර්ධනයවී ඇතැයි හඳුනා ගැනීම නිසා බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .

කෙසේ වෙතත් සිංහයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ආසාදිත සිංහයන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා දෙහිවල සත්වෝද්‍යානයේ අද සංචාරයට යෙදවීමට නියමිතය .