(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
දැනට පවතින සහ විසුරුවා හැර ඇති පළාත් සභා වල සිටි මන්ත්‍රීවරුන් කොටසකට පමණක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර සෙසු මන්ත්‍රීවරුන්ටත් ලබා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය.
මුදල් අමාත්‍යවරයා විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව සහනදායි බදු පදනම මත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම 2015 නොවැම්බර් 20 වැනිදා සිට නවතා දමා ඇති නමුත් එයින් මන්ත්‍රීවරුන් කොටසකට අසාධාරණයක් වූ බව තමන් පිළිගන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සහනදායි බදු පදනම මත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ චක්‍රලේඛය අවලංගු වූ පසුත් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එම බලපත්‍ර නිකුත් කර ඇති බවට තොරතුරුක් ලැබී ඇති නමුත් මෙතෙක් එය සනාථ වී නැතැයි ද ඇමැතිවරයා කීවේය.
එය සනාථ වුවහොත් ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැනට ක්‍රියාත්මක හා විසුරුවා ඇති පළාත් සභාවල මන්ත්‍රීවරුන්ගෙන් කොටසකට පමණක් ලැබී ඇති සහනදායී බදු පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර සෙසු මන්ත්‍රීවරුන්ටත් ලබා දෙන්නේ ද යනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමලවීර දිසානායක මහතා නැගූ පැනයට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඕකද රටට කරන සේවය ?
රටේ සංවර්ධනය හරි පමාකර ඔය වාහන බලපත්‍ර ලබාදෙන්න . ජනතාව වෙනුවෙන් පුදුම කැපවීමක්නේ ඔවුන් සිදු කරන්නේ ..
යන අය ලිප්බෝක්කත් බිදගෙනම යනවා කියන්නේ මේවට තමා.. අන්තිම මොහොතේත් පිනට වාහනයක් අරගෙනම යන්න තමයි මේ හොරගල් අහුලන්නේ. කන්නවත් සල්ලි නැහැ මිනිසුන්ට නමුත් මේ අයට සහනදායි මිලට අධි සුඛෝපබෝගී වාහන ගන්න සල්ලි??
පාර්ලිමේන්තුව විසුරුවන්න මාස හයක් තියෙද්දී මොකටද බදු රහිත වාහන? ඡන්ද දායකයින්ට සේවය කරන්න නම් මුලින්ම දෙන්න තිබුනා. දැන් මේ හදන්නේ ඡන්දෙට ඉස්සරවෙලා ජනතා මුදල් වලින් පගාවක් දෙන්න.
අර බඩඉරිඟු ගොවියන්ට කිලෝ එකට සත පහක් වැඩි කරනවා කිව්වේ මේකට වෙන්න ඇති.
ඔය වාහන දෙන්නේ ජනතාවට සේවය කරන්න , දැන් පළාත් සභාව විසුරවල නම් මොකටද ඕවා දෙන්නේ ? එහෙම නම් විශ්‍රාම ගිය වාහන බලපත්‍ර හිමි රජයේ සේවකයන්ටත් ඒවා දෙන්න වෙනවනේ ? මේ පළාත්සභාව අපේ රටට පහත් වෙච්ච හෙන ගෙඩියක්
ජනාධිපති තුමනි, අර ලක්ෂ දෙකේ යෝජනාවට විරුද්ධ වුනා වගේ මේකටත් අත්සන් නොකර හිටියොත් ඔන්න ඔබතුමා තමයි මිනිහ!
තීරු බදු රහිත වාහන බලපත් කිසිම කෙනෙකුට නොදිය යුතුයි. දෙනවා නම් රටේ සියලුම දෙනාට දෙන්න.
වජිර ඇමතිතුමෝ හිටපු මන්ත්‍රීලාට වාහන බලපත්‍ර දෙනවානම් 2005 ත් 2015 ත් අතර කාලයේ රාජ්‍ය නිළධාරීන්ට වැටුප් සකස්කිරීමේදී 1977 ත් 1994 ත් අතර පත්වීම් ලැබූ පිරිස්වල ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් කියා ඔවුන්ට අසාධාරණ වන සිදුවන ලෙසට ලිපිකාර සේවය කළමණාකරන සේවය කල අවස්ථාවේත් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 6/2006 හා ඇමුණුම් වලින් කටයුතු කලා. නමුත් පැවති රජයන්ට හිතවත්ව සිටි අයට පුද්ගලික වනසේ කොටසකට සහන සැලසුවා. අනෙක් අයට කිසිවක් නැහැ. ඒවගේ අසාධාරණ සිදුවූ අයටත් සහන සලසන්න.
නාගානන්ද ගෙන එන ව්‍යවස්ථාව මගින් මෙයාලගේ මේ රාජ්‍ය මුදල් අවභාවිතය නවත්වමු.
කොහෙ තියෙන පළාත් සභාද? ජනතාවට පරිප්පු ඇටේ, පාං ගෙඩියේ ඉඳන් බදු ගහලා කොහෙවත් ඉන්න රැළකට වාහන බෙදනවා.
ගරු කථානාකතුමනි, පාර්ලිමේන්තුවේ යහපාලන විරසකයත් එක්ක ඇතිවුණ කලබැගෑනියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතින් සිදුවුන මහජන දේපල හානියට පත්කල කොමිසමට මොකද වුනේ ? බදු ගෙවන ඔබට ස්තුතියි.
අනේ පව්... ඔන්න ඕකත් අපි කරලා දෙමු. දුප්පත් අසරණයෝ...!!!