IMG-LOGO

සහකාර පොලිස් අධිකාරීවරුන්ට සාධාරණය ඉටු කරනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සහකාර පොලිස් අධිකාරීවරුන්ට උසස්වීම් පිරිනැමීමේදී  යම් නිලධාරියකුට අසාධාරණයක්වී ඇත්නම් ඒ අයට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවැසීය.

පොලිස් ගැසට් පත්‍රයේ (2018) සඳහන් පොලිස් ස්ථානවල  ශ්‍රේණි අනුව  පොලිස් නිලධාරීන්ට ලකුණු ලබාදී ඇතැයිද  හෙතෙම  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම ශ්‍රේණි වෙනස්වී ඇති බවට පසුව නිකුත් කෙරුණු ගැසට් පත්‍රවල සඳහන්වී ඇත්නම් ඒ අයට  අදාල ශ්‍රේණියේ ලකුණු ලබාදී ඇතැයිද  ඔහු කීවේය.

වැඩිවූ පුරප්පාඩු සඳහා  නැවත අයදුම්පත් කැඳවීමට පියවර ගත් බවත් මුලින්ම අයදුම්පත් කැඳවූයේ පුරප්පාඩු හැට තුනක් සඳහා පමණක් බවත්  ඔහු පැවසුවේය.

ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි පුරප්පාඩු සංඛ්‍යාව 230දක්වා ඉහළ නැංවූ බව පැවසූ වීරසේකර මහතා සැක උපදවන කිසිදු දෙයක් මෙතන සිදුවී නැතැයිද  ප්‍රකාශ කළේය.

වසර ගණනාවකට පසු මෙ පමණ පිරිසකට උසස් උසස්වීම් ලබාදීමට හැකිවීම ගැන  සතුටු වන බවද  ඔහු පැවසුවේය.

මෙම කටයුත්තේදී යම් නිලධාරියෙකුට අසාධාරණයක්වී ඇති නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට  මේ සම්බන්ධයෙන් අභියාචනයක් යොමු කළ හැකි බවත් ඒ අයට සාධාරණය ඉටු කිරීමට තමා  ඇප කැපවී සිටින බවත්  ඇමැතිවරයා පැවැසීය.



අදහස් (0)

සහකාර පොලිස් අධිකාරීවරුන්ට සාධාරණය ඉටු කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site