(ඩී.ජී.සුගතපාල , ජේ.කේ.එල් චාමින්ද සහ ජේ.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුවියක් විසින් ගෙන එන ලද සුවඳ විලවුන් බෝතලය ආඝ්‍රහණය වීමෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුවකු සිහිසුන්ව ආසාත්මිකතාවයකට ලක්වීමෙන් අද (31) දහවල් රෝහල්ගත කළ බව ඉමදුව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ 8 වන ශ්‍රේණියේ සිසුවියන් හයදෙනෙකු සහ සිසුවෙකි.
එම පංතියේ සිසුවියකගේ උපන් දිනය තිබී ඇති අතර ඒ සඳහා වැලිගම පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් තෑගි ලෙස මෙම සුවඳ විලවුන් බෝතලයක් ලබාදී තිබේ.
පසුව ඇය ඊයේ එම සුවඳ විලවුන් බෝතලය පංතියට ගෙනැවිත් ඇති බවත් පංතියේ යහලු යෙහෙලියන් එය ආග්‍රහණය කළ අවස්ථාවේ ඔවුන් සිහිසුන්ව අසාත්මිකතාවයකට ලක්ව ඇති බවත් ඒ නිසා වහාම අහංගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
COMMENTS
පෙම් පලහිලව්වකුත් තියනවා වගේ...
අවුරුදු 13-14ක් විතර ළමයෙක් නේද? මොන කෙන් ගෙඩියටද සුවඳ විලවුන් තෑගි? දෙමවුපියනි..! කොහොම වුණත් මේ බඳුන දුන්න සිසුවා ගැන නම් හොයලා බැලුවොත් හොඳයි. මොන උප්පර වැට්ටියක්ද දන්නේ නැහැ...
ඔය සුවඳ විලවුන් මොනවද කියලා හෙට අනිද්දට කවුරුහරි කියන්න බැරි නැහැ.
ඕනම සුවඳවිලවුන් වර්ගයක් තදින් ආඝ්‍රාහණය කළහොත් මේ තත්වය ඇතිවිය හැකියි. අසාත්මිකතාවයත් ඇතිවිය හැකියි. ළමයින්ගේ නොදැනුවත් කම නිසා වන්නට ඇති. සියලු දරුවන් සුවඳ විලවුන් වර්ග නහයට තබා තදින් ආඝ්‍රාහණය කිරීමෙන් වැළකිය යුතුයි.