IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිසුන් 13ක් අපයෝජනය කළ ගුරුවරයාගේ වැඩ තහනම්

(ප්‍රසන්න පත්මසිරි)

හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ  මුස්ලිම් පාසලක  ඉගෙනුම  ලබන බාල  වයස්කාර  ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 13දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම සැකකාර ක්‍රීඩා ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කළ බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය පැවසුවාය.

වියලුව අධ්‍යාපන කළාපයට අයත් ගලඋඩ අල් නුරානියා විදුහලේ ක්‍රීඩා ගුරුවරයා වන රාමචන්ද්‍රන් රමේෂ් (44) නැමති පුද්ගලයාගේ වැඩ තහනම් කර  තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ උපදෙස් මත අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායම කළ මූලික පරීක්ෂණයේදී ළමා අපචාරයක් සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග වියලුව කලාප අධ්‍යාපන අධ්‍යෂකවරයාගේ නිර්දේශය මත අමාත්‍යාංශ ලේකම් විසින් ගුරුවරයාගේ වැඩ තහනමට ලක්කර තිබේ.

අපයෝජනයට ලක්වූ මෙම සිසුන් වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවලට අයත් බවද, ශිෂ්‍යාවක්සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනය ලක් කලැයි මුලදී පැමිණිලි ලැබී තිබූ අතර මේ වනවිට එම පැමිණිලි සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.

අපයෝජනයට ලක්වු සිසුවිය සහ  සිසුන්ව බදුල්ල මහ රෝහලට පරීක්ෂණ කටයුතු සඳහා ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.



අදහස් (0)

සිසුන් 13ක් අපයෝජනය කළ ගුරුවරයාගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site