IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි

(නිමල කොඩිතුවක්කු)

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉන්ධන නොමැති ව ඉදිරියේදී දැඩි අර්බුදයකට රට පත් වීමේ අවදානමක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය අදහස් දැක්වූ දැක් වූ පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් මෙසේ ද මෙසේද කීවේය.

ඉන්ධන සංස්ථාවේ ගබඩා වල ඉන්ධන ඇත්තේ තවත් දින දහයකට පමණි. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත. ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි. ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව  තෙල් සංස්ථාව කියයි. තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය. මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත. මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය. රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.

වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.



අදහස් (10)

සංස්ථා ගබඩාවල තෙල් ඇත්තේ තව දින දහයකටයි

fairoos Tuesday, 18 January 2022 08:06 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ .සර් තවත් අවුරුදු 3 ක් හොඳටම කරලා යන්න හදන්නේ

:       6       3

BamunuarachchiThursday, 20 January 2022 09:39 AM

හමබයෝ මෙරටින් පන්න තුරු රටට හරියන්නේ නැත.

:       0       0

BamunuarachchiThursday, 20 January 2022 09:41 AM

එනවකො යුටියුබ් එකට අපි එතැනදී කතා කොරමු

:       0       1

යෝගා Tuesday, 18 January 2022 08:33 PM

ඉතින් ඔයාට කාලකන්නි සතුටක් දැනෙනවාද?

:       5       7

sujeewaThursday, 20 January 2022 01:09 AM

නෑ යෝගා.. දැන් එයා දින ගැන ගැන ඉන්නේ. අර අහිංසක සංදීප් කොල්ලව හප්පලා පැනලා ගිය එකා මාට්ටු වුණු නිසා, වැලිකඩ තරු 05 හෝටලයට යන්න කළින් තව දින කීයක් නිදැල්ලේ ඉන්න ලැබෙයිද කියා.

:       0       0

Raveendra Tuesday, 18 January 2022 10:41 PM

පුදුම සතුටකින් මම මේවා කියන්නේ හොදේ..... හුරේ අපිට බලය ලැබෙනවා......රටට කෙල වෙනවා නම් සතුටු වෙන විපක්ෂයක් ඉන්න ලෝකයේ එකම රට......නොදකින් විතරක් සුදු රෙදි ඇගේ ඔතාගෙන මුළු ඇගේම ලේ තැවරුණු රීරි යක්කු...

:       5       10

wikcy Tuesday, 18 January 2022 10:47 PM

රටෙ මොනම විදියකින් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් නැ. නමුත් විදුලිය කියන්නෙ සියලුම කර්මාන්ත සදහා අත්යාවශ්යම සේවාවක්, දැන් ඔය සවස පහට තෙල් ඉවර වෙනවා, අනම් මනම් කියන සේවකයන්ට බැරි උනානෙ අවශ්ය ප්‍රමාණය මෙච්චරයි කියල කලින් කියන්න. ඉවර වෙන එක ටක්කෙටම කියන පුලුවන් නම්, ඇයි එයාලට බැරි උනෙ, මෙච්චර ප්‍රමාණයක් ඔනි වෙනවා අපිට තෙල් මෙච්චරයි තියෙන්නෙ. තෙල් ඔනි කියන එක බලපැමක් කරන්න. විදුලි පාරිබොගිකයො, මුදල් ගෙවනව. දැන් අලුතින් සතයක් හරි අඩුවෙන් නම් ගෙවල තියෙන්නෙ එකට දඩයකුත් ගහනවා. ඉතින් එහෙමත් කරල තෙල් සන්ස්තාවට ණය නම් ඉතින් ..

:       0       7

Saman Wednesday, 19 January 2022 09:52 AM

ඉස්ස්සරත් තිබ්බේ දවස් 10-15 කට තමයි. මොකද ඔයා බලයේ ඉන්න කාලේ මාස 3-4කට වත් තෙල් තියාගන්න තිබුනනේ. එහෙම කලාද ? මුන් වගේ කාලකන්නි තමා ලංකා දේශපාලනයේ ඉන්නේ

:       4       11

SUNIL MILANO Wednesday, 19 January 2022 03:11 PM

කාලකණ්ණි අපතයින්ටත්, සර් කියා අමතන ෆයිරූස් රෙදි අපුල්ලන්නේ කාටද කියලා දැන් හොඳටම පැහැදිලියි. මෙහෙමත් ලැජ්ජාවක් නැති අපතයින්...

:       1       4

පද්මාල් Thursday, 20 January 2022 08:17 AM

රටට කෙලවෙනකම් බලාගෙන ඉන්නේ තමන්ට බලය ගන්න මිසක් රටට තියෙන ආදරේකට නොවෙන බව හැමෝම දන්නවා. හොර මගුලේ ගිහිල්ලා අහිංසකයෙක්ව හප්පලා පැනලා ගිහින් නඩුවට බයේ බඩයන්න පටන් ගත්තු එක දැන් හොඳවෙලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31128 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13258 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site