(ටී.කේ.ජී.කපිල)
ස්විට්සර්ලන්තයේ "ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ" (Swiss International Air Line) ප්‍රථම මංගල ගුවන් යානය අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට මෙම ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානය 11/05 දින උදෑසන 07.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.
මෙම ගුවන් සේවය මීට පෙර කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ 2019 වසර තෙක් සිය ගුවන් ගමන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණි.
ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද (05) සිට සතියකට එක් වරක්, එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සදහා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆග්ල ( Dominic Fergler), සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෂෙහාන් සුමනසේකර, ගුවන් සංතරණ සේවා ප්‍රධානී නිශාන් අබේවර්ධන, යුනයිටඩ් වෙන්චර් සමාගමේ සභාපති සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ප්‍රවීන් දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ස්විස් පළමු ගුවන් යානය කටුනායකට
පිටිගල මිලානෝ Friday, 05 November 2021 01:36 PM
පිළිගන්න ගියේ ඩී.වී. චානක? 69 ලක්ෂයේ තේරීම...
BamunuarachchiSunday, 07 November 2021 07:51 PM
ඔබ එම තනතුරේ සිටියොත් ඔබට පුළුවනි පිළිගන්න යන්න. ජනාධිපති වෙලා ඉන්නෙත් 69 ලක්ෂයේ තේරීම තමයි. සජිත් ආනුර රනිල් පරාජය කලෙත් 69 ලක්ෂ තමයි. මොකක්ද ප්‍රශ්නය. මට ලැබුනේ නැහැ කියන එකද?
Keppetipola Friday, 05 November 2021 02:01 PM
එතනත් දේශපාලකයෙක්...