(නිමන්ති රණසිංහ)
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට පිස්තෝල කටේ ඔබනවා දැක්ක දත් දොස්තරට මොකද වෙන්නේ?
හොඳ වැඩේ බොරු කියනවට... අර දොස්තර හිරේ යනකම් ඉවසිල්ලක් නෑ. ලක්මව කෙළසන සිංහල යැයි කියාගන්නා හැතිකරේ විනාශ කළ යුතුමයි.
අන්න නියම තීන්දුවක් ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නායකයෙක් පත් කරගත්තම ලෝකේ ගොඩක් වක්‍රව ත්‍රස්තවාදීන්ගෙන් යැපෙන රටවලට හරියට අමාරු වුණා. ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට පින් සිද්ද වෙන්න බටහිර රටවලට පැනගෙන ඉන්න දැවැන්ත දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද බලාගෙන..., අප වැනි කුඩා රටවල රජයවල් පෙරළන්න හදන කුහක තක්කඩි රටවලට උණ ගැනෙන්න හොඳ පාඩමක්... මේ සිද්ධියේදී කොන්ද කෙලින් තියන් යුක්තිය, සාධාරණය, රටේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින සියලු රාජ්‍ය නිලධාරීන්ට සහ නායකයින්ට ජාතියේ ප්‍රණාමය..!!!
සත්‍ය සිද්ධියක් වන මෙම සිදුවීමේදී රාජ්‍ය බලය යොදා ගනිමින්, තමන්ට අවශ්‍ය පරිදි රහස් පොලිසියට පත් කළ හෙන්චයියන්ගේ උදව්වෙන් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම උදෙසා මෙම තැනැත්තිය කරන්නේ බොරුවක් යයි ලොවට පැවසීමට කරන ලද මෙම නින්දිත ප්‍රයත්නය හෙලා දකිමු. ජාත්‍යන්තරය තුළ තමන්ට ඇති යුද අපරාධ චෝදනා යට ගැසීමට සහ ඇති බය නිසා අපේ රට තුළ හෑල්ලුවීමට මෙවැනි ගොබ්බ වැඩ හේතු වනු ඇත. මෙම නිලධාරිනිය පසුව නිදොස් කොට නිදහස් කිරීමට සිදුවෙනවා ඇත. යුරෝපිය තානාපති ප්‍රජාව මෙහිදී නිහඬව නොසිතා යයි සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි දේ දැඩි ලෙස හෙළා දැකිය යුතුයි. සාධාරණය ඉෂ්ඨ කිරීම යනු අපරාධ යට ගැසීම නොවේ. විවිධ චෝදනා ඇති චූදිතයන් මහත්වරුන් සේ මිනිසුන් තලාපෙලා රට කරති. රැල්ල අනික් පසින් නැගෙනවිට දුවන්නට පාර මදිවනු ඇත.
රජයට නිසි උපදෙස් දුන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට මගේ ගෞරවය. මේකට සපෝට් එක දුන්න අවස්ථාවාදීන්වත් අත්අඩංගුවට ගන්න නියම කරන්න.
ඇප දෙන්න නම් එපා...
දැන් ඔබට රාජ්‍ය ආරක්ෂාව තියෙනවා. දැන් ඔය කඩතුරාව ඉවත් කරන්න.
ස්විස් චොක්ලට් වගේද මහඋලු ගෙදර ලුණුබත්... රස නහර පිනායනවා..
මේ කාන්තාව මුළු ජීවිත කාලයටම හිරේම තියන්න ඕනෑ. මේ කාන්තාව මුළු ලෝකය ඉදිරියේම අපේ නායකයොයි, අපේ රටයි අපකීර්තියට පත්කරන්නයි හැදුවේ... පිටරටක කෙනෙක් මෙහෙම කළා නම් දුක නැහැ අපේම රටේ අපේම මිනිස්සු මේ විදියට අපේ රට විනාශ කරන්නයි හදන්නේ... මේ අයට ලැජ්ජාවක් කියලා දෙයක් නැත්ද? මේ අයගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ නෙවෙයිද? අපේ සමහරක් දේශපාලුවෝ තමන්ට බලය ලබාගන්න ඕනෑ වුණාම රට, ජාතිය දෙකම වුණත් විකුණන තරමේ පහත් තත්වයකට වැටිලා. අපිට දැන් අපේම කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. මේ සැරේ මහ මැතිවරණයෙන් පස්සේ බලන්න පුළුවන්.. එජාප එකට වෙනදේ. අසන 50ක්වත් මේ අයට ලැබෙන්න නම් හොඳ නැහැ. ගෝඨාභය මැතිඳුනි, මහින්ද මැතිඳුනි, තව බොහෝ කාලයක් ඔබලාට මේ රට යහපත් විදියට පාලනය කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රටේ පිනට පහළවුණු ඔබලාට තුනුරුවන් සරණයි..
කෝ අර ස්වීස් ආරක්ෂකයො ටික හැලිලා නේද ? මම හිතුවෙ උන් ජේල් එකෙත් මෙයා වෙනුවෙන් ඉදීවි කියලා.
මෝඩ වැඩක්, මේ කාන්තාව කියන්නේ ඇත්ත වෙන්න ඉඩ වැඩියි...
නියමයි. තියෙන ලොකුම දඬුවම දෙන්න. අපි ආයෙත් ගෝඨාව ජනපති කරනවා. අපි හොයපු කෙනා ඔබයි ගෝඨාභය
උපන් රටට ද්‍රෝහී වී ලැජ්ජා නැති වැඩ කරලා මුහුණ වහ ගෙන ගියාට දැන් වැඩක් නැහැ. මුළු ලෝකෙම ඔබ කව්ද කියා දන්නවා.
යහපාලන කාලයේ මෙහෙම දෙයක් වුනා නම් කොහොමද? මෙතැනදී ලතාව රට පටවන්න නෙමෙයි ඕන කරලා තිබුනේ. මේ නාටකය රඟ දක්වලා නව රජය ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත් කරන්නයි දත කෑවෙ. ලතාව රට පටවන්න ඕනෑකමක් තිබුනනාමනම් මේ නාටකය රඟ දක්වන්නේ යහපාලනේ කාලයේදීයි.
ලතා ස්විස් යාම කොහොම වෙතත් බන්ධනාගාරයට නම් ලතාවටම ගියා.
කොන්ද පණ ඇති එඩිතර නායකයෙක් ලැබූ මගේ රටට වාසනාවන්
කැත වැඩ කරන්න ලැජ්ජා නැහැ. ඒත් ඒවා කරලා අහු වුනහම මූණ වහගන්නවා. ලැජ්ජ නම් වැරදි කරන්නේ ඇයි?
පව්...
මීට වඩා ලොකු කුමන්ත්‍රණ ඉදිරියේදී ඇතිවීමට ඉඩ ඇත. මෙවැනි අයට දැඩි දඬුවම් දීමෙන් ඉදිරියේදී එන කුමන්ත්‍රණකරුවන් එක් පයක් පසුපසට තබනු ඇත. මගේ රටට සුබ අනාගතයක්...
"වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ "- හැන්ඟී හැන්ඟී මූණු බැන්දට නටන්න ඕනේ එළියේ නේද ?
ඉතාම වැරදි සහගත තීන්දුවක්. මේ කාන්තාව කලේ බොරු කතාවක් කියල තාම කොහෙවත් ඔප්පු කරලා නැහැ. අනික මේක මෙහෙම අත්අඩංගුවට ගන්න දෙයක් නෙමෙයි. යහපාලනය ගෙදර යවල එක්කරන් ඇවිල්ල තියෙන්නේ වහ පාලනයක් වගේ පෙන්නේ. මේ කාන්තාවගේ මුවාවෙන් ආණ්ඩුව කරන්නේ රටේ සියලු ජනතාව බිය ගැන්වීම. ඒ කියන්නේ "කට වහන හිටපල්ලා නැත්නම් මේ පේනවනේ අපි කරන දේ. අපිට ඕනෙනම් වෙච්ච දේ නැහැයි කියල ඔප්පු කරන්නත් පුළුවන්. පණට ආදරේ නම් නිශ්ශබ්දව හිටපල්ලා" කියන පණිවිඩය තමයි මේ රටට දෙන්න හදන්නේ.
අපිට එඩිතර නායකයෙක් සිටින බව දැනීම හරිම සතුටක් දැනෙනවා. හැබැයි මිලේනියම් චැලේජ් ගිවිසුම අපිට එපා. දුප්පත් කම අපට හොදයි
හිරේටම දැම්මනම් හරි බොරු කියනවට.
මේ කතාව ගොතපු එකක්ලු කට්ටියක් කියනවා අනෙක් කට්ටිය කියන්නේ මේක ඇත්තක්.
ලෝකෙන් උතුම් රටට වුණුදෙයක් දෙයියනේ..!!!