අස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කිරිමේ එකම මාර්ගය මැතිවරණයකට යාම බවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වෛරීභාවය මහජනතාවට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත දැක්වේ.





(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඡන්දෙන් ආපු මහජන නියෝජනය තමයි අන්කල්...
ඉතින් සීයේ අැයි අගමැතිකම බාරගන්න කලින් මතක් වුනේ නැද්ද?
ඡන්දෙන් ආපු අය පාර්ලිමේන්තුවේ ඉන්න බව සැබෑය. නමුත් පහුගිය වසර 3 1/2 කාලය තුළ ආණ්ඩුවේ වැරදි සහ ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කරමින් සිදු කළ ක්‍රියාකාරකම් නිසා ජනතා මතයට අනුව ක්‍රියා කිරීම වඩාත් කාලෝචිතයි. ජනපතිගේ ඇතැම් කථා /ක්‍රියා එතරම් වැදගත් නොවන බව පෙනී ගියත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නම් වඩාත් කාලෝචිත වේ. අඩුපාඩු සහිතව හදීසියේ ගෙන එන ලද 19 වැනි සංශෝධනයේ දුර්වලතා ඇති බැවින් මැතිවරණයකට යාමට අධිකරණය අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.
මේ අයගේ පුද්ගලික වුවමනා නිසා නාස්ති වෙන්නේ මහජන මුදල්. මේ ඡන්ද තියන්නේ මෙතුමා ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමෙනේ... මෙතුමයි මෙතුමගේ පක්ෂයේ අයයි මැතිවරණයට යන මුදල් දෙනවා නම් හෙටම යමු ඡන්දයකට. ජනාධිපතිවරණය, මහඡන්දය සහ ප්‍රාදේශීය ඡන්ද (පළාත් සභා නම් අහෝසි කරන්න ඕන තේරුමක් නෑ) එකවර තියෙන ක්‍රමයක් ගේනතුරු මේ මුදල් නාස්තිය තව වැඩිවෙනවා. අනික පක්ෂ මාරු කරන එක තහනම් කරනකනුත් මෙයලා සල්ලි නාස්ති කරන එක නවතින්නේ නෑ...
අද රටේ පවතින අස්ථාවරත්වය ඇති කලේ මහජනයා නොව, රටේ ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයින් යයි කියා ගන්නා අයයි. එමනිසා මෙම තත්වයට විසඳුම් සෙවිය යුත්තේ දේශපාලකයින් ලගින පාර්ලිමේන්තුව මිස මහජනයා නොවේ.
මහජනතාවගේ ඡන්දෙන් ඇති වැඩේ මොකක්ද බල තණ්හාකාරයින් ඒක මංකොල්ල කනකොට?
අදත් නහයෙන් අඬල වගේ...
මහත්තයෝ, ඔබ යටතේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? අඩු ගණනේ ඔබට ඒ වචනයවත් කටට හුරු නැහැනේ..! ඔබ දන්නේ "ප්‍රජාතන්ත්‍රවාදය " ! බුදු අම්මෝ .. ඒක නම් අපිට එපා!
කොහොම ඉන්න ඕනෙ නායකයෙක්ද? දැන්...
ස්වෛරීභාවය කෙසේවෙතත් රට අගාධයට ගියා. ආයේ ගැලවෙන්න බැහැනේ...
ඔක්තෝබර් 26 දක්වාම රටේ අස්ථාවර භාවයක් තිබුනෙන් නැහැ. එය ඇති කලේ කුමන්ත්‍රණකාරීව අගමැතිවරයෙක් පත් කළ නිසා.... රට අස්ථාවරව තිබුණා නම් එම ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් එකට හිට ගතයුතුව තිබුණා. එ් වගේම නව ආණ්ඩුවට බහුතරය තිබිය යුතුයි. මේ දෙකම වුනේ නැහැ. එසේම රටේ එදා විවිධ උද්ඝෝෂණ සිදු කලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නිසා සහ මාධ්‍ය නිදහස තිබීම නිසා ඒවා වාර්තා කළා. අදටත් එම උද්ඝෝෂණ වලින් ඉල්ලුම් කළාට විසඳිලා නැහැ. නමුත් උද්ගෝෂණකරුවන් සැඟවී ඇත.
අගමැතිතුමාගේ ප්‍රකාශයේ තර්කයක් තියෙනවා.. කියවලා බලන්න.
නඩුටික ගොඩදාගන්න කරපු එකක්ය කියලත් තියෙනවද ඔය නිවේදනයේ?
කුමන්ත්‍රණකාරි ලෙස රට අස්ථාවරකර නාහෙන් අඬමින් නිවේදන නිකුත් කර වැඩක් නැත.
මේක හරියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට බලපෑම් එල්ල කරන ජාතියේ කතාවක් වගෙයි අපට නම් පෙනෙන්නේ.
රටේ කිසිම අර්බුදයක් තිබුණේ නැහැනේ.. ජනාධිපති සහ ඔබනේ අර්බුදය ඇතිකලේ... විශේෂ මහාධිකරණ ඇතිකළාට පස්සෙනේ ඔක්කොම පටන් ගත්තේ. 2015 ජනතාව ඡන්දෙ දුන්නේ 2020 වෙනකම් ආණ්ඩු කරන්න. එහෙම අකමැති නම් පර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා හරි විදියට ආණ්ඩුව වෙනස් කරන්න...
"ස්වෛරීභාවය මහජනතාවටයි" - අම්මෝ, ප්‍රජාතන්ත්‍රවාදය වැක්කෙරෙනවා දැන්නම්... රතුපස්වල, වෙළඳ කලාපෙ එහෙම උද්ඝෝෂණ කළෙත් මහජනතාව තමයි.
ඉපදුණු දා සිටම පාර්ලිමේන්තුවට ආවා කියන පුද්ගලයෙක්ගේ දැනුම තමයි මේ.. නියමිත කාලයට පෙර මැතිවරණයක් තබන්න හැකියාවක් නොමැත. එහෙම තබන්න අවස්ථාවක් වූවොත් එයටත් මැතිසබේ 3 න් දෙකේ අනුමැතිය අනිවාර්යයි කියා උගත් හිටිගමන් දොරෙන් ඇතුළු වුණු මොහුට මතක් කරමි.
යුද්ධය අවසන් වූ වහාම උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බා ඒ ප්‍රජාතන්ත්‍ර වාදය. ත්‍රස්තවාදය නැති කරන්න යුද්ධ කළා ඒකාධිපතියෙක් වගේ එහෙමයි නියම රාජ්‍ය නායකයෝ රටක් පාලනය කොරන්නේ. ඒකාධිපතියෙක් වගේ කෙලින් ඉන්න ඕනේ තැන්වල නිවටයෝ වෙනවුන් රටක් පාලනයට තියා ගෙයක් පාලනයකටවත් සුදුසු නැත.