




සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ටොරිංටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (08) පැවැත්විණි.
උසස්වීම් පටිපාටියක් ලබාදීම, නිශ්චිත විෂය පථයක් හා සුදුසු රාජකාරි ක්‍රමයක් ලබාදීම, සුදුසු නොවන රාජකාරි පැවරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරීහු විරෝධතාවයේ යෙදුණහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
COMMENTS
කිසිම දෙයක් දෙන්න එපා ... ඔහේ වේලි ..වේලි ඉඳල යන්න අරින්න .. ! කෑ ගහන .. කෑ ගහන විදිහට දෙන්න ගියහම තමයි ... මේකේ ඉවරයක් නැත්තේ ..!!
අනේ,..අනේ. මේ සංවර්ධන නිලධාරීන්ගේ වැඩගැන... කියලා වැඩක් නැහැ. කුඹුරු හාරනවා, පාරවල්වලට බොරළු බානවා, ගොඩනැගිලි කොන්ක්‍රීට් දානවා. බලනවා. කොන්ක්‍රීට් පාරවල් හදනවා... බලනවා.. මනිනවා. ගෙවීම් වව්චර නිර්දේශ කරනවා. මිනුම්වල ඒකක අඳුනන්නෙත් නෑ. ඒ ගැන තේරුමකුත් නෑ. හැබැයි සල්ලි ගණන් කරන්න දන්නවා. කන්න දන්නවා බොන්න දන්නේ නෑ...
මේ අය මාර සේවයක් කරන්නේ. හැබෙයි කරන්නේ මොනවද දන්නේ නැහැ. අපේ පාර මනින්න අවා. මීටර් අඟල් දන්නේ නැහැ. මෙහෙම අයද සංවර්දනයට ඉන්නේ. ජීවිතේ කල කිරෙනවා. පින්සිද්ද වෙයි. මෙයාලව මේ වගේ ඩියුටි වලින් අයින් කරන්න. දන්න දෙයක් ඇත්තටම නැහැ.