




(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
සංවර්ධන නිලධාරින් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ සේවය කඩිනමින් ස්ථීර කරන්නැයිද, රජයේ සේවිකාවන් සඳහා අනුමත ප්‍රසූත නිවාඩුව සංවර්ධන නිලධාරිනියන්ටත් ලබා දෙන්නයි ද ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ විරෝධතා පාගමනක් කොළඹ දී අද (15) පැවැත්විණි.
රාජ්‍ය සේවයට බඳවාගෙන දැනට වසරකට වඩා පුහුණු කාලයක් මේ වන විට සම්පූර්ණ කර ඇති නමුදු තමන්ට ස්ථීර පත්වීම ලබාදී නැතැයි ඔවුහු පැවැසූහ.
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට ලිප්ටන් වටරවුම දක්වාත් එතැන් සිට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම දක්වාත් විරෝධතා පාගමනක යෙදුණු සංවර්ධන නිලධාරීහු ලිබර්ටි වටරවුම අසල නැවත උද්ඝෝෂණයේ යෙදී පසුව විසිර ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණයක් කොහේද එතැන හාමුදුරුවරු තමයි ඉන්නේ...
රස්සාව අරන් මාස දෙකෙන් උද්ඝෝෂණ - හරි මහජනතාව විදිහට අපි ඔයගොල්ලෝ නඩත්තු කරන්නම්..! අපි හැම දෙයක්ම නිකන් බලාපොරොත්තු වෙනවා. ඉපදෙන්නේ රජයේ රොහලක නොමිලේ, මාතෲ සායන ලදරු සායන නොමිලේ, බෙහෙත් නොමිලේ, අධ්‍යාපනය පාසල් සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නොමිලේ, පොත් නොමිලේ, නිල ඇඳුම් නොමිලේ, රෝහල් නොමිලේ, මහපොල නොමිලේ, රජයේ රැකියාවක් ඊළඟට, පෙන්ෂන් ඕනෑ, අලුත්ම එක දැන් කොරෝනා හැදිලා මැරුණාම පෙට්ටියත් නොමිලේ ඕනෑලු. මේ හැම දෙනාටම තියෙන්නේ උද්ඝෝෂණය කරන්න. වැඩ නොකරන සහ හැමදේටම උද්ඝෝෂණය කරන අයයි, රට කරපු දේශපාලකයොයි අතුලු හැමදෙනාම නඩත්තු කරන්න ඕනෑ දුප්පත් මහජනතාව. මේ හැමදයකම වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරම්පරාවට..!
ප්‍රසූත නිවාඩු ඉල්ලීම නම් මානුෂීය ඉල්ලීමක්...
රටේ තැනුම් ඒකකය පවුලේ සෑම කාන්තාවකටම කුමන රැකියාවක් කළත් ප්‍රසූත නිවාඩු අනිවාර්යයෙන් ලබාදිය යුතුමයි. කවුද මේ තීරණ ගන්නේ? බිත්තරෙන් ආපු අයද?