IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරික සංගමයෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නිරෝධායන නීතියට පටහැනි අයුරින් මත්පැන් හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමය  ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන  4 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) දින නියම කළේය.

මෙම පෙත්සම එල්. ටී. බී. දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ ඊයේ කැදවිණි.

 එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමයේ සභාපති ජී.අයි.චාල්ස්, උප සභාපති පී.ජී.බී.නිස්සංක සහ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කළ මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු 47 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැදවූ  අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ  වගඋත්තරකාර පර්ශවය  විසින් ගෙන ඇති තීරණය නිසා තම සේවාදායක සංගමයට අයත් සාමාජිකයින් 7000 ක් පමණ පිරිසකට රැකියා කටයුතු අහිමි වී අගතියට පත් වී සිටින බව කියා සිටියේය.

එමනිසා පෙත්සම සලකා බැලීම සඳහා ළඟම දිනයක් ලබා දෙන ලෙස යි නීතිඥ එරාජ් ද සිල්වා මහතා විනිසුරු මඩුල්ලෙන්  ඉල්ලා සිටියේය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සදහන් කළේ මෙම නඩු වලට අදාල ලේඛන තමන්ට ලැබුණු ලැබුනේ ඉකුත් සිකුරාදා සවස බවත් ,  ඒ අනුව මෙහි වගඋත්තරකරුවන් රැසක් සිටින බැවින්  ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල් ලබාදෙන ලෙස ද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල  පෙත්සම ලබන  04 වැනිදා සලකා බැලීම සදහා  කැදවීම නියම කළ අතර එදිනට පෙර වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ නිරෝධායන නීතිය යටතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අගෝස්තු  20 වනදා නිකුත් කළ නිවේදනයට අනුව මත්පැන් හල් විවෘත කර තැබීම තහනම් කර ඇති බවය.

නමුත් සේ තිබයදී  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ නියමයන්ට පටහැනි ලෙස සැප්තැම්බර්  19 වැනිදා සිටි දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට පියවර ගැනුණු බවත් , මත්පැන් හල් විවෘත කිරීම සඳහා තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇතැයිද පෙත්සම්කරුවෝ කියා සිටිති.

වග උත්තරකරුවන්ගේ මෙම ප්‍රශ්න ගත ක්‍රියා කලාපය හේතුවෙන්  තමන් ඇතුළු ජනතාවගේ  මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

මෙලෙස මත්පැන් හල් තව දුරටත් විවෘත කර තැබීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යපාර කටයුතු වල නිරත වීමට අවසර දෙන ලෙසට සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , පොලිස්පති ඇතුළු වග උත්තරකරුවන්ට  නියෝගයක් නිකුත් කරන ලෙස ද ,  තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙසට රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීති



අදහස් (0)

ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරික සංගමයෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site